Tuesday, March 11, 2014

චූන් පාන් අලුත් ජිනස් වාර්තාවක් තැබීමට සැරසෙයි......




උදේ පාන්දරම නැගිටලා වැඩට යන්න ස්කොලේ යන්න කලබලෙන්දගලන අයට ඉතාමත් වටිනා සේවාවක් සලසන අපේ චූන් පාන් රථය ගැන ටිකක් කතා කොලොත් හොදි කියල පිට්ටුවට හිතුන ඔං..ඒ වෙන මුකුත් නිසා නෙවේ ලගදීම ජිනස් වාර්තාවක් පිහිටුවන්න ඉන්න අපේ රටේ දක්ෂයෝ ගැන අපි අපි දැනුවත් වෙලා ඉන්න ඕනනේ....


ඔයාලගේ පැත්තෙත් යනවා ඇතිනේ චූන් පාන් අපේ ගෙවල් පැත්තේ නම් එකක් නෙමේ හැටක් විතර යන ඉතින්.අපේ පැත්තට චූන් පාන් එන්නේ පාන්දර 4 ට 5 ට විතර.අපරාදේ කියන්න බැහැ උදේ 9 විතර වෙනකල් චූන් පාන් මේ පැත්තේ එනවා.ඒ එන්නෙත් පට්ට සද්දේ දාගෙන තමයි ඉතින්...පිට්ටුවටත් ඉතින් ඔය පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් කන්න ඕනේ උනහම සද්දේ ඇහෙන පැත්තට දුවගෙන යනවා.අපරාදේ කියන්න බැහැ පිට්ටුව එලියට බහින කොට වටේ පිටේ ඉන්න ගෑනු ටිකත් එලි බැහැල තියෙන්නේ රෑට ඇදන් හිටපු ඇදුම් පිටින්මයි.මෙව්වට බයේද මන්දනේ න චූන් පාන් කරය පොට්ටවෙන්න පාගල යනවා.උව අල්ලගන්න ඉතින් යන්න වෙන්නේ 1000cc ට්‍රැපික් බයික් එකක් අරගෙන තමයි ඉතින්.


කොහොම උනත් පාන් කන්න වෙන්නේ ඇහැරුන ගමන්ම පාරට බැහැල ඉන්න උන්ට විතරයි


'උදේට මියුසික් දැමුවාට චූන් පාන් තිදෙනෙකුට දඩ ගහලා.' කියල gossip lankawe කතාවකුත් තිබුන.ඔය දඩ කන්න වෙලා තියෙන්නේ එව්වගේ සද්දේ වැඩියි කියලනේ.ඇත්ත තමයි සද්දේ විතරක් නෙවෙයි වේගේත් ටිකක්යි.මොකද ඔය සද්දේ දාගෙන යනව නම් අපිටත් එයටත් වැඩක් තියෙන්න ඕනනේ ඉතින්...




මේ කස්ටිය යන විදිහට පාන් කන්න හිටිය අපිට කන්න වෙන්නේ දත් මිටි තමයි.....



Monday, March 10, 2014

මෙන්න කෑම

කනවා නම් මෙන්න කෑම


රස ගුණ කෑම ජාති අපේ රටේ කොච්චර නම් තියෙනවා ද?

ඒ කෑම  ජාති අතර මේ වගේ කෑමක්  

කොහොම උනත් උදේට කන්න තියෙනවනම් පට්ට නෙමේද.....?

පිට්ටු කනවා නම් කන්න කැමති විදිහට.චිකන්,ලුනුඉරිස්,මාළු හොදි ,පොල්කිරි   මොනවා දාල හරි කමක් නැ ...පට්ට නේ .....?

 

සමහර පිට්ටුවලට money පිට්ටු කියන්නේ ඇයි ඔයි...?

Sunday, March 9, 2014

අහිංසක කෙල්ල

ඇත්තටම කෙල්ලෝ හරිම අහිංසක විදිහට ඉන්නේ .උන් ඉන්න හැටි දැක්කහම තනි ඇහැට කදුළු එක ඇත්ත.ඒ වෙලාවට ඕන කොල්ලෙක්ට හිතෙන්නේ අනේ පව් අහිංසක කෙල්ල කියල.කොන්ඩේ  දිගට වවල  ලා..නිල් පාට ඩෙනිම් කලිසමක් ඇදල ලා....රෝසපාට ටී ෂර්ට් එකට ඇහැ අහකට ගන්න හිතෙන්නේ නෑ....
එහෙම කෙල්ලෙක් දැක්කහම පොඩ්ඩක් වතගොත හොයල සීන් එකට එන්ටර් වෙන එක කොල්ලෙක් සාමාන්‍ය සිරිතනේ බන්...
 හැබැයි ඉතින් ඔය කෙල්ලන්ගෙන් කීයෙන් කී දෙනාටද අපි හිතන තරන් අහිංසක හිතක් තියෙන්නේ...? වැඩි හරියක්ම ඉන්නේ ඉතින් කොල්ලෝ හත් අට දෙනෙක් එක්ක යාළුවෙලා කුලුදුල් ප්‍රේමයක් හොයන අහිංසක කෙල්ලොනේ නේද..?

                                          

                                  වහා ගිනි ඇවිලෙන සුළුයි










Saturday, March 8, 2014

ෂාම්

                                 

 මෙන්න මේක පට්ටම සිරා සීන් එකක්.ඒ කියන්නෙ ඈත්ත කතාවක්.


අපේ ගෙවල් ලග ඉන්නව ශාම්  කියල අංකල් කෙනෙක්. මේ බුවාට ඉන්නවා දුවලා දෙන්නෙකුයි  එක පුතෙකුයි.

පිට්ටුවට ආරංචි උන විදිහට මේ ශාම්ගෙ එක කෙල්ලෙක් පෑනල ගිහින්.

ශාම්ගේ කෙල්ලො දෙන්නා තමයි වැඩිමහල්.කොල්ලා කෙල්ලන්ට වඩා බාලයි බඩපිස්සා.ඉතින් මුන් සෙට් එකම ස්කෝලේ ගිහින් එහෙම ඉවරයි.උන් සෙට් එක ජොබ් කරන වයස. ඉතින් ෂාම්ගෙ කෙල්ලො දෙන්න නම් ජොබ් එකක් සෙට් වෙලා එකට ගියලු.මේ අතරෙ ශාම්ගේ දෙවෙනි කෙල්ලට සෙට් උනලු ජොබ කරන තෑනම කොල්ලෙක්.

ඒක ඉතින් සාමනයෙන් වෙන දෙයක්නේ බන් ඔකේ මහ ලොකු හු.......වක් නෑනේ බන්.....!!!!

ෂාම් කියන්නේ ඉතින් කනබොන මිනිහ හැබැයි ඉතින් කාටවත් කරදරයක් හිරිහැරයක් නම් නෑ.ඉතින් ගමේ කොල්ලෝ සෙට් එකත් ජෝයින්ට් එකක් ගහන්න බෝතලයක් එහෙම ගහන්න ඒන්නේ ශාමලාගේ ගෙදරට තමයි.හැබැයි එකෙක්වත් කෙල්ලන්ටවත්  අහල පහල උන්ටවත්  කරදරයක් කරන්නේ නෑ.

ඉතිං මේ නංගිය කොල්ලගේ ගෙදර ගිහින් නැවතිලා ඉන්න ගමන් අක්කට(ෂාමගේ ලොකු කෙල්ල) කෝල් එකක් දීල කිව්වලු මං ගැන හොයන්න එපා මම මේ අයියත් එක්ක එයාලගේ ගෙදර ආව කියල.මල මගුලයිනේ ඉතින් ඕක දැන් කොහොමද මේ කෙල්ල මේ හුට පටේ ගෙදට්ට කියන්නේ...??? මොකද අම්ම පට්ට වසයි.කොහොම හරි  කල් යල් බලල අම්මට ඕක කිව්වා කියමුකෝ ශාමානේ ඉතින් අව්ල.මොකද ෂාම තනිකර කෙලින්නේ පිස්සුනේ බිව්වට පස්සේ.කොහොමින් කොහොමින් හරි කෙල්ල අම්මටත් කියල දැන් මේක ෂාමට  ආරංචි උනාලු ෂාම ලොකු කෙල්ලට කතා කරලා කිව්වලු
 'නංගි ඔය ගියා කියන එකාට කියපන් අද දවස ඇතුලත නංගිව ගෙනත් ඇරලවන්න කියල.නැත්තන් මන් කව්ද කියල බලාගන්න කියපන්'

අනේ ඉතින් මේ කෙල්ල ඉතින් කෝල් එකක් දීල කිව්වලු මොකද ෂාම් කියන්නේ සුවර් නැති ඩයල් එකනේ මොන පිස්සුවක් කෙල්යිද කියල දන්නේ නෑනේ.ෂාම් මේක ආරංචි වෙච්ච වෙලාවේ ඉදල ගහනවලු කොල්ලෝ සෙට් එකත් එක්ක හුරේ කියල ගහනවා.කොල්ලන්ටත් ඉතින් වෙඩිමකට ගියා වගේ.
දැන් ඉතින් ශාමට පන දෙන්න කට්ටිය පිරිලා.දන්නවනේ අපේ අයියලාගේ හැටි සිංහයා බඩට දාගත්තට පස්සේ මොන යකාටවත් බය නෑනේ.මුන්ටික ෂාමව පට්ටෙට පෝම් කරනවා.ශාමත් ඉතින් බැනල බැනල රෑ  ජාමෙට නිදා ගත්තා.

ෂාම ඉතින් පහුවෙනිදා උදේම පටන් ගත්තා වැඩ අල්ලන්න.ඒ කරලා සරමකුත් ගහගෙන පාරට බස්සා.ඔහොම පාර දිගේ යද්දී අපේ නිමෙස් කොල්ල ඉස්සරහට මුලිච්චි උනාලු.නිමෙස් කියන්නේ ඉතින් අපේ ගමේ FM එක.ඉතින් උටත් මේ සීන් එක කිව්වලු.කියල FM එකගෙන් ෆෝන් එක ඉලුවලු.FM එකත් ඉතින් මේකාගේ හැටි දන්න නිසා ෆෝන් එක දෙන්න බෑ  කිව්වලු.ෂාමගේ වදේ නිසාම නොදී බැරි උනාලු.

කොල්ලෝ මෙන්න මේ නොම්බරේට කෝල් එකක් අරන් දීපන් මට...

කෝල් එකක් අරන් දෙන්නම් හැබැයි මට කෙස් එකක් දන්නා නම් එපා හරිද.

හරි...හරි...බන් ඕක දියනං  මෙහාට.

හා කියන්න නොම්බරේ


ශාම් පෝන් එකත් කනේ ගහගෙන මෙන්න මෙහෙම කිව්වලු.....

අහ් කෝ කෙල්ල
  
ඉන්නවා අංකල්..

උබට මං දවසක් කල් දුන්නනේ උබ කෙල්ලව ගෙනවෙ නැනේ ...අද දවස ඇතුලත කෙල්ලව ගෙනත් දීපන් හරිද...?උබ කෙල්ලව  ගෙනත් දුන්නේ නැත්තන් මං උබේ අම්මව ගේනවා.








Thursday, March 6, 2014

පිට්ටුවාගේ බොග දැමීමේ ආරම්භය.


ඔක්කොටම කලින් කියන්නේ, පිට්ටුවාගේ බොග දැමීම, පුදපු ගමන් කාපී යකා වගේ පටන් ගත්ත ගමන් කෙල වෙයිද කියලා පිට්ටුවා වත් දන්නේ නෑ. කස්ටියගේ උපරිම සහයෝගය බලාපොරොත්තු වෙනවා.
පිට්ටුවාට මේ විසබීජේ දැම්මේ අර නිමෝ (Nimo) කියලා එකෙක් ඉන්නේ උ තමයි.

කොහොමින් කොහොමින් හරි ඉල ඇට කැඩෙන කතා සෙට් එකක් දෙන්න තමයි ඉන්නේ. බලමු එහෙනම්.