Monday, September 22, 2014

සියල්ල ඉදිරි ගරා වැටුන දා

   

සියල්ල ඉදිරි ගරා වැටුන දා 
ඇයතින් නොමරුනු මගේ මිනිස්කම
දැන හදුනාගත් තනිකම නුබටත් 
මා හැරයන්නට සිදුවෙයි නැවතත් ........

ප්‍රේමතාපයෙන් පරමල් යහනට 
තවත් ලදක් එයි හෙටදවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම 
මා නුබ එලවන්නේද කෙලෙසේ ......

සියල්ල ඉදිරී .......

ඇය හෙට ආවද පසුදින යාවිද  
අදහනු බෑ ඇය  ලදක් නිසා
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලේම 
හතර මායිමෙන් එහා නොයා.......

හිටපං... තනිකම.......මගේ ගෙයි මිදුලේම.......
හතර මායිමෙන් එහා නොයා.........


දැන් ඉතින් අපේ උන් මට කියයි උබ මොනවද මේ දාන පොස්ටු කියල.තනියම ඉන්න වෙලාවට බොක්කටම දැනෙන සුනිල් එදිරිසිංහ මහත්තයාගේ පට්ට සින්දුවක්.අහල නැති අය අහල බලන්න හැබැයි කඩිමුඩියේ නම් අහන්න එපා නිදහසේ ඉන්න වෙලාවක අහල බලහන්ලා.බැරි නම් නිකන් ඉදහන්ලා.

Friday, September 19, 2014

පිට්ටුවා 'ස් ප්ලේස්.......!: හොදට බොන්න පුලුවන් ද?

පිට්ටුවා 'ස් ප්ලේස්.......!: හොදට බොන්න පුලුවන් ද?:   මගේ මොලේ තව හැදෙන්න  මට මොනවා හරි කරන්න. අපේ වැට කොනකින් කඩාගත්  තඩි පොල්ලකින් ගහන්න. මට හැකිය හොදට කන්න කම්මැලිය වැඩ කරන්න...

දෙවියන්ගෙන් ඉල්ලන්න එපා


මේකත් පිට්ටුවට වෙච්ච සිරාම සීන් එකක්.පිට්ටුව සිරාවටම

love කරපු කෙල්ලෙක් හිටියා.එයාගේ නම දිනු.අපේ නිමො නම් කියන්නේ Sister කියල.මොකද එයා sister  කෙනෙක් වෙන්න ගිය නිසා.පිට්ටුව බොක්කෙන් ම එයාට love කළා.


පිට්ටුවට මේ sister ව සෙට් උනේ වැලිවේරියේ කඩේක Computer හදන්න ගිහින්.ඇත්තටම අවංක,අහිංසක,දුප්පත් කෙල්ලෙක්.හැබැයි ලස්සන නම් නැ.ඇත්තටම පිට්ටුව කැමති ඒ වගේ කෙල්ලන්ට.ලස්සන කන්නද බන්....????

ඉතින් මේ කෙල්ල පිට්ටුවට love කලේ නම් නෑ.එයා කලින්ම පිට්ටුවට කිව්ව 'මම sister කෙනෙක් වෙන්න ඉන්නේ ඔයා මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා අයියේ' කියල.හැබැයි පිට්ටුවගේ හිතේ ලොකුවට බලාපොරොත්තු නම් තිබුනා. එත් ඉතින් එයා කියල තිබුනනේ එයාගේ අරමුණ මොකක්ද කියල.ඉතින් පිට්ටුවට බල කරන්නත් බැ.ඉතින් මෙහෙම අව්රුද්දක් විතර ගෙව්නා.පිට්ටුව බොක්කෙන් love කරපු කෙල්ලනේ.පිට්ටුවට එයා කිව්වා 'මම දැන් පල්ලියට යන්න ඕනේ'  කියල ඉතින් පිට්ටුව එපා කියන්නද බන්.මන් කිව්වා 'හරි කමක් නැ  ඔය යන්න' කියල.හැබැයි පිට්ටුව තාමත් කෙල්ලගේ අතින්වත් අල්ලා නෑ.

පිට්ටුවට කරගන්න දෙයක් නැ.කරන්න ඉතුරුවෙලා තිබුනේ එක දෙයි.ඒ නොදැක්ක දෙවියන්ගෙන් නොදන්නා අනාගතේ ඉල්ලන එක විතරයි.පිට්ටුව දෙවියන්ගෙන් එක දෙයක් ඉල්ලුව එය යන දවසට හිතට දුකක් දෙන්න එපා කියලා.පිට්ටුව ක්‍රිස්තියානි පොරක් නෙමේ.බෞද්ධ පොරක්.මාර වැඩේ කියන්නේ එයා යන දවසේ පිට්ටුවට කිසිම දුකක් දැනුනේ නැති එකනේ.


එක එහෙම උනා කියමුකෝ.පිට්ටුවාව දාල එය යන්න ගියා පිට්ටුව තනි උනා.පස්සේ ඉතින් පිට්ටුව දෙවියන්න කියන්න පටන් ගත්ත 'ඔබ වහන්සේ ජීවමාන නම් දිනුව අයෙත් එවන්න'කියල හිතපු  නැති වෙලාවක එයාගෙන් කෝල් එකක් ආවා.එයට sister කෙනෙක් වෙන්න බැරිවෙලා.හුගක් කරදර වෙලා.තාමත් එයා try කරනවා සිස්ටෙර් කෙනෙක් වෙන්න.එත් කරන හැම දෙයක්ම හරියන්නේ නැ.දැන් නම් මට එයා ගැන පව් කියල හිතෙනවා මචං

Friday, September 12, 2014

අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ.

 

 

 

 

      ඔන්න යාළුවනේ  පිට්ටුවා කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න නෙට් එක පැත්තට ආව.ඇත්තටම කියනවනම් පිට්ටුවා බ්ලොග් එකට ලොග් උනෙත් බොහොම අමාරුවෙන්.ඒ ඇයි කියනවා නම් හෙන කාලෙකින් මේ පැත්තට අපු නැති නිසා පාරත් මතක නැ.අපේ නිමෝ  කොල්ල පිට්ටුවට ඇවටිලි කලා උබ මල්වානේ කෙල්ල බලන්න හිගින් ගත්ත ආතල් එක ලියපන් ලියපන් කියල.ඉතින් කොල්ලගේ වචනේ අහක දාන්න  බැනේ ඔන්න අහපන්ලකෝ පිට්ටුවගේ ආතල් එක.

පිට්ටුවගේ ගෙවල් ලග ඉන්නව පිට්ටුවගේ පිට්  පොරක්.මිනිහ ප්රෙස් එකක් කරන්නේ.මමත් ඉතින් නිකන් ගෙදරට වෙලා ඉන්න එකනේ ගිහින් උට හෙල්ප් එකක් දෙනවා කියල උත්  එක්ක වැඩට ගිය.ඔය කියන ප්රෙස් එක තියෙන්නේ දෙමටගොඩ පැත්තේ 154 පාර අයිනේම තමයි.ඉතින් පිට්ටුව ඕකට ගිය ගමන් දැක්කේ ඔකේ වැඩ කරන කෙල්ලෝ තුන් දෙනෙක්.දෙන්නෙක් ම දෙමල කෙල්ලෝ එක කෙල්ලයි සිංහල.දන්නවනේ ඉතින් දෙමල කෙල්ලෝ සමාන්නයෙන් කලුයිනේ.සිංහල කෙල්ල නම් සුදුයි,ලස්සනයි.උබල හිතන්නේ මට සිංහල කෙල්ලට හිත ගිය කියලද? නැත්තන් දෙමල කෙල්ලෝ දෙන්නට හිත ගිය කියලද?

 පල පල යන්න 

මම එහෙම වල් කොල්ලෙක් නෙමේ.අම්බෝ උබල දැන් කියයි 

 'පිට්ටුව බබනේ' 

කියල.ඇත්තටම පිට්ටුව බබා නෙමේ තමයි.එත් මන් කල්පනා කලේ මොන කෙල්ලටද කොකන් පාන්නේ කියල.මට හිතන්නවත් හම්බුනේ නෑ දෙමල කෑල්ලක් මට පුල් ට්‍රයි එක.කොල්ලෙක් වෙච්ච මට කෙල්ලෙක් ටෝක් කරද්දී කොහොමද බන් අහක බලන් ඉන්නේ....?පිට්ටුවත් ඉතින් පුල් ගේමක් දීල කෙල්ලව සෙට් කර ගත්ත.දැන් ඉතින් සීන් එක නැගල යනවා.මොකද පිට්ටුවත් කෙල්ලක් නැතුව වේලි වෙලිනේ හිටියේ.

ඔහොම ටික දවසක් යනකොට පිට්ටුවගේ පරණ කෑල්ලක් පිට්ටුවට කියනවා 'මම හෙට හවස කිරිබත්ගොඩ එනවා මන් වගේ කෙනෙක්ව කිරිබත්ගොඩදී දැක්කොත් අනිවා කෝල් එකක් දෙන්න කියල.පිට්ටුවත් ඉතින් කලින් දාගෙන හිටිය කැල්ලක් උනාට මොකද අවරුදු 4 න් විතර කෙල්ලව දැකල තිබුනේ නැ.ඇත්තටම පිට්ටුවගේ හිතේ තියෙන්නේ මේ කෙල්ල ගැන මාර බක්තියක්.මොකද කියනවා නම් මු හිතන් ඉන්නේ  ඒ කෙල්ල හරි ලස්සනයි කියල.මොකද මුට ඒ කෙල්ලගේ මුණ මතක නෑනේ.

ඉතින් මු එදා ප්‍රෙස් එකටත් ගිහින් ජැන්ඩි පහට ඇදගෙන නිවාඩුවකුත් දාලා,දෙමල කෙල්ලවත් අමතක කරලා ගියා පරණ කෑල්ල බලන්න.වැඩි කැටයන් මොකටද පිට්ටුව කිරිබත්ගොඩට ගිහින් බලපුවහම ඒ කෙල්ල හිටියටත් වැඩිය කැත වෙලා.ඉතින් මමත් ගිය ගොන්කමට මොනවා කරන්නද කියල හොද හිනාවක් එහෙම දල ඒකි එන මග රැකන් හිටියා.ටිකක් කතා කරලා තේ එකක් එහෙම බීල පරණ ලී බඩු අයෙත් පොලිෂ් කරන්න හිතන්.

උබල හිතන්නේ පිට්ටුවට මොකක් වෙන්න ඇතිද?

මොනවා වෙන්නද බන් එකී වෙන කොල්ලෙක් එක්ක පිට්ටුව ඉස්සරහට අව කියහන්කෝ..එකී දැන් වැඩ කරන්නේ බියගම වෙළද කලාපෙනේ.දෙමල කෙල්ලත් ගෙදරින් මගුලක් කතා කරලා කියල පිට්ටුවව ආතැරලා.

දැන් ඉතින් පිට්ටුවට හුලන් තමයි.