Wednesday, May 7, 2014

අහවල් එක විතරක් යාන්තමින් වහගන්න.

ලංකාවේ අපේ පුරුද්ද ඉතින් කගේ හරි ඔප දුපයක් හොයන එක තමයි.හොයන්න දෙයක් නැත්තන් අහල පහල ඉන්න එකාගේ ඇදුමේ තියෙන ඇදයක් හරි හොයනවා.ඉතින් පිට්ටුවටත් හිතුන ගෑනුන්ගේ ඇදුමක් ගැන ටිකක් හොයල බලන්න.


සල්ලි දීල ඇදුම මැහුවේ ඇදගෙන යන්න 
අල්ලි දෙකක්වත් දුර බැහැ අඩිය තියන්න 
ඇගට හිරට මහල කොටට ඇදල බලන්න 
අදින්න මිනි ගව්ම අදින්න


මේ ඇදුම අපේ  කෙල්ලෝ ඇන්දට මොකද එකට ලොකුම බාදාව වෙන්නේ මැස්සන්ගෙන් සහ කොදුරුවන්ගෙන්.උන්ගෙන් ආරක්ෂා වෙන්නනේ ඔය ඇදුම අදින අපේ නංගිලාගේ අතේ නිතරම පොතක් හෑන්ඩ් බෑග් එකක් එහෙම තියෙන්නේ.

ඔය ඇදුම් විසේසය හදුන්වන්න පුළුවන් mini කියන වචනෙන් මොකද ඕක ඒ  තරන් පොඩියිනේ එකනේ  ඔය සින්දුව කිව්ව ඇන්ටන් ජෝන්ස් මහත්තයත්  මිනි ගව්ම කියල  වරද්දන් මිනි පෙට්ටියක් ගෙදර ගෙනිහින්  තියෙන්නේ.ඉතින් ඔය සායවල් අතර අහවල් එක විතරක් යාන්තමින් වැහෙන සායකුත් තියෙනවා කියලයි ආරංචි උනේ.එකට කියන්නේ මයික්‍රෝස්කර්ට් හෙවත් මයික්‍රෝ සාය කියල.මේ  මයික්‍රෝස්කර්ට් එක නිර්මාණය කරලා  තියෙන්නේ ලන්ඩන්වල චෙල්සි ප්‍රදේශයේ ප්‍රසිද්ධ නිමි ඇදුම් වෙළද සැලක හිමි කාරනියක් වන මේරි ක්වෙන්ට් කියන කාන්තාවක්.1950 ගණන්වල තමයි මේ කොට සායවල්  විසේසය හදුන්ව දීල තියෙන්නේ. ඒ කාලේදී මේ කොට සායවල් ඇදල තියෙන්නේ ක්‍රිඩිකාවන් සහ නැටුම් සිල්පිනියන් පමණයි.



        ලන්ඩනය කියන්නේ යුරෝපා රටක් උනත් එකල මෙම ඇදුම් ඇදීම මහත් ආන්දෝලාත්මක දෙයක් බවට පත්වෙලා තියෙනවා.අන්නයන්ගේ විවේචනයට බය නැති කාන්තාවන් පමණක් මුලදී මේ සීන් එකට එන්ටර් වෙලා තියෙනවා.ඉන් පස්සේ ඉතින් රැල්ලට කස්ටිය සෙට් වෙන්න ඇති නැත්තන් මෙචර ඕක දියුණුවෙන්න විදිහක් නැනේ.කොහොම උනත් ඔය මයික්‍රෝ සායට නම ලැබිල තියෙන්නේ මේරි ක්වෙන්ට් කියන කාන්තාවට තිබුන මිනි මෝටර් රථයට ගරු කිරීමක් විදියට මොකද මෙයා මේ රථයට හුගාක් අසා කරලා තියෙනවා.ඒ නිසා තමයි මේ ඇදුමට මිනි සාය කියල නම දන්නා තීන්දු තිරනවෙලා තියෙන්නේ.
ලන්ඩනයෙන් පිටත මිනි සාය ජනප්‍රිය වෙන්න පටන් අරන් තියෙන්නෙ 1960 ගණන්වල.මිනි සාය ලොවපුරා ජනප්‍රිය වෙන්න පටන් අරන් තියෙන්නේ 1965 න් පසුව.කොහොම උනත් මේ මිනි සාය ලංකාවේ ජනප්‍රිය වෙන්න පටන් අරන් තියෙන්නෙ  කාලයක් ගත උනාට පස්සේ.ඒ කියන්නේ හැටේ දසකයේ අග බාගයේ දී විතර.මොකද දැන් තරඟ ඒ කාලේ සන්නිවේදන තාක්සනය එහෙම දියුණු නැති වෙලා නොතිබුන නිසා.

ඒකාලයේ ලංකාවේ වැඩියෙන්ම බාවිතා වෙලා තියෙන්නේ රෙද්ද හැට්ටය සහ කිමෝනා කියන ගවුම.එක දෙපතුල දක්වාම දිග ගවුමක්.කොහොම උනත් ඒ ගවුමත් පසු කාලීනව ටිකෙන් ටික කොටවෙල තියෙනවා ඒ කොට උනත් ඊට යටින් දිග සයක් අදින්න අපේ ආච්චිලා වගබලාගෙන තියෙනවා මොකද ඒ කාලේ විලි ලැජ්ජාව කියන එක ගෑනු ළමයින්ගේ හොදට තිබුණ කාලයක්ලුනේ.අනිත් කාරණාව තමයි ඒ කාලයේ විවාහක කාන්තාවන්ට ගවුම අදින එක ඇකැප දෙයක්.ඒ ය අදින්න ඕන සාරිය නැත්තන් රෙද්ද හැට්ටේ.

කෙසේ වෙතත් ඒ කාලයේ මුලින්ම ඔය මිනි සාය ඇදල තියෙන්නේ අපේ නිලියන්.එකත් මුලින්ම ඇදල තියෙන්නේ සන්ද්‍යා කුමාරි මොකද එයට ඒකාලයේ ලස්සන හැඩ අගපසගක් තිබුනලු ඉන් පස්සේ තමයි අනිත් නිලියනුත් එක අදින්න පටන් අරන් තියෙන්නේ.ඉතින් නිලියන් ඔය විලි සංගයක් නැතිව ඕව ඇදල රුප පෙට්ටියේ දාන නැටුම් දැක්කහම ගමේ ගොඩේ ඉන්න කෙල්ලන්ටත් පොඩ්ඩක් කිචිය වගේ දෙයක් දැනෙන්න පටන් අරන් උන්ටත් ඕක ඈගේ දාගන්න ඕන උනාලු.ඔහොම කොට්ට උරේ වගේ සායක් ඇදගෙන පාරේ ඇවිදන් යන,බස් එකේ යන කෙල්ලන්ට අපේ කොල්ලෝ කුරුට්ටෝ සමච්චලේට විහිළු කරන්න පටන් අරන්.ඒ ගැන ඔයාල දන්නවනේ ඔය සීය තාත්තලාගෙන් දන්නේ නැති ය අහගන්නකෝ.



5 comments:

  1. ඔවා ඔහොම තමයි...

    ReplyDelete
    Replies
    1. ආ........... සහෝදර බොලනුත් මේ පැත්තට ආවයි... හැක්...

      Delete
    2. මම කලිනුත් අවා බොරු නම් බලහන් :))

      Delete
  2. යකෝ බොට ගෑනු එකතුවෙලා ගහයි යකෝ.....

    ReplyDelete
    Replies
    1. යකෝ...පැත්ත ගියත් ඇත්ත කියන්න එපැයි බන්.නැද්ද සහෝ......???

      Delete

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.