Thursday, May 8, 2014

හදවතින් ලියපු සෙනෙහෙ ලිපිය....


      
 
                                                                                                                                                                                                                              2006/11/16
              
ඉතින් බබා ඔය හොදින් නේද?මමත් හොදින් ඉන්නවා.සතුටින්.මොකද ඉතින් මගේම කියල හිතන් හිටපු කෙනාට දැන් මාව එපා වෙලා.මම කරන වැඩ ගැන සැකයි.මොනවා කරන්නද ලැබීම නම්.හැමදේකින්ම දුක විතරයි.මට කලින් ඔයාම නේද වෙනස් වුනේ.ඔයා නෙමේද මම එපා කියන දේවල් කර කර මාව රිද්දුවේ.ඔයා කරපු දේවල් නිසා,ඔයා හැසිරුණු විදිහ නිසා මමත් ඒ විදිහට හැඩ ගැහුනා බබා.ඔයා මාව රිදවන්න ආස නම් තවත් රිදවන්න මම ඉවසගෙන ඉන්නම්.කවදාවත් මට ඔයාට වෛරකරන්න බෑ.එහෙම කරන්නෙත් නෑ.මොකද මගේ ප්‍රතිපත්තියක් තමයි මන් ආදරේ කරන අය මට මොනවා කලත් ඒ අයට මන් වෛර නොකරන එක.එක මන් පිළිපදිනවා.බබා දැන් ඔයාට ද මාව එපාවෙලා තියෙන්නේ?ඔයාට මාව එපා වෙලා හින්දද මේ දේවල් නවත්තන එවා ගැන වැඩි වැඩියෙන් කියවන්නේ.ඔයාට දැන් ඕනේ මේක නවත්තන්න ඈත්තටම ඔයා දැන් ඉස්සර හිටපු බබා නෙමේ රත්තරං.දැන් ඔයාට මොකද වෙලාතියෙන්නේ?ඔයාට කරන්න කියපුවත් දැන් ඔයා කරන්නේ නැ.ඔයාට දුක හිතුනම මට කියන්න ඕනේ නැද්ද?ඒ හින්දා නේද ලියල තියෙන්නේ ඒ දේවල් දුකට ලියවිච්ච කියලා.මට ඕනේ සතුට වගේම දුකත් බෙදාගන්න කෙනෙක්.නැතුව දුක හිර කරන ඉන්න කෙනෙක් නෙමේ.

           බබා ඔයාට මම call නොකළේ එදා ඔයාට call කරද්දී ඔයා වැඩ හින්දා කතා කලේ නැති නිසා.නැතුව වෙන දෙයක් නිසා නෙමේ.එත් ඔයාට හිතෙන දෙයක් හිතාගන්න.මොකද දැන් ඔයා මම කියන දේ අහන්නෙවත් ඉස්සර හිටපු මගේ බබාවත් නෙමේ නිසා.එත් මගේ ආදරේ ගැන ඔයාට විස්වාසයක් නත්තනේ ගැන තීරණයක් ගන්න මම ඔයාට බාර කරනවා.ඒ ගැන මට කියන්න  හොදද.

       බබා ඉරිදට මම පන්ති 4.00 ට ඉවර වෙන්නේ.මම දන්නේ නැ ඔය ඉරිදට කෝස් එකට යනවද කියලා.හැබැයි බබා මට කිවේ නම් නෑ යනවා කියලා.හැබැයි මම හිතන්නේ බබා.යන්නේ නැ කියලා.ඒ හින්දා ඔයා 4.00 ට එන්න හොදද.

      දැනට ඇති.මේකට උත්තරයක් එවන්න මගේ බබා පරිස්සමින්,සතුටින් ඉන්න.හැමදාම කන්න ඕනි.මගේ රත්තරන්ට මම හැමදාම ආදරෙයි.මගේ බබාට බුදු සරණයි.
                                                                                                                                                                                                                      patiya  




warning : ඇත්තටම මේක 2006 වර්ෂයේ ආදරනීය පෙම්වතියක් විසින් ආදරනීය පෙම්වතෙකුට ලිය වුන පෙම් හසුනක්.මේ වගේ ආදරනීය වදන් සමස් එකකින් ඔබේ හදවතට දැනිල තියෙනවද?තමන් ආදරේ කරන පෙම්වතා,පෙම්වතියගේ ම අත්අකුරින් ලිය වුන මේ වගේ ආදරනීය වදන්වලට ගලක් වැනි හදවතක් වුනත් මෘදු මොලොක් වීමට ඉඩ ඇත..






 

2 comments:

  1. යකෝ කරුමේ කියන්නෙ තවම මට ඔය සෙනේ කඩදයියක් ලියා ගන්න බරි උනා නේ හම්බෙලත් නෑ වැඩිය ,මොලොක් උනේ නම් නෑ

    ReplyDelete
    Replies
    1. හා...හා...ඒ කියන්නේ හම්බෙලා තියෙනවා.මොලොක්වෙයි එහෙම වෙන්න වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.දෙන්නත් ඕනේ....

      Delete

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.