Wednesday, April 9, 2014

හොදට බොන්න පුලුවන් ද?





 
මගේ මොලේ තව හැදෙන්න
 මට මොනවා හරි කරන්න.
අපේ වැට කොනකින් කඩාගත්
 තඩි පොල්ලකින් ගහන්න.


මට හැකිය හොදට කන්න
කම්මැලිය වැඩ කරන්න
ගොරව ගොරව මට හැක
දවල්ටත් නිදා ගන්න.


මට ඕනේ හොදට බොන්න
 සිව් පයින් ගෙදර යන්න
වැඩිවී ගියෝතින්
හැක කානුවෙත් නිදා ගන්න.


                                                                              

Saturday, April 5, 2014

කුඩු කාරයා


 මතට තිත තබන්න නීති අවශ්‍ය නැත...



අද සමාජයේ විසබීජයක් වෙලා තියෙන හෙරොයින්,මත් කුඩු,ගංජා ගැන ටිකක කතා කරන්න ඕනේ කියල පිට්ටුවට අදහසක් ආව මොකද කව්රුත් කතා කරන්නේ මේකේ තියෙන වැරදි පැත්ත.මේ ලෝකේ තියෙන හැම දෙකම දෙපැත්තක් තියෙනවාකියලා පිට්ටුවට හිතුන නිසා.පිට්ටුව මේ කියන්න හදන්නේ කුඩු ගංජා ගහන එක හරි දෙයක් කියල නෙමේ.මේ දේවල් බාවිතා කරන අයගෙන් අපේ ජීවිතේට ගන්න වටිනා ආදර්ශ ටිකක් තියෙනවා .පිට්ටුවටත් ඉන්නවා මේදේවල් පාවිච්චි කරන යාලුවෝ දෙන්නෙක් උන් පිට්ටුවගේ ස්කොලේ කාලේ ඉදලම ගජ යාලුවෝ.උන් දෙන්න ඒ කලේ ඉදලම හෙව්වේ ආතල් එක විතරයි.ඒ කලේ ඉදලම සිගරට්,ගංජා,මෝදක, වගේ රටේ නැති මගුල් මුන් දෙන්න ගහනවා.පිට්ටුවගේ පිට් පොරවල් නිසා පිට්ටුව  හැම වෙලාවේම මුන් දෙන්නට බනිනවා ඔය මගුල් නවත්තල දාපන් කියල.මොනවා උනත් බනින හැම වෙලාවකම මුන් මට කියන්නේ ඔව් පිට්ටුව මේ හැම දෙයක්ම හෙට ඉදන් නවත්තනවා,අනිද්දා ඉදල නවත්තනවා,පළවෙනිදා ඉදන් නවත්තනවා කියල එත් ඉතින් මුන්ට ඒවා නවත්ත ගන්න බැරි උනා.




මොනවා කලත් මුන් දෙන්න ඉතින් ඉගෙන ගන්නත් දක්ෂයි.ටීචර්ලාටත් මුන් දෙන්නගේ වැඩ ටික ටික නොන්ඩි වෙන්න පටන්ගත්ත ටික කාලයක් යද්දී.එයාලත් මුන්ට දේශනා තියනවා ඉවරයක් නැ  ඉතින්.කාලයත් ටිකෙන් ටික ගෙවිලා ගියා පාසල් කාලෙත් ඉවර උනා මගේ යාලුවෝ දෙන්නත් ටික ටික දියුණුවෙන්න පටන් ගත්ත. 
එකෙක් වාහන හදනවා පට්ට වැඩ්ඩා.අනිත් එකා මේසන් බාස් කෙනෙක් උනා තාත්තගෙන් උරුම වෙච්ච දේනේ.මේ රස්සාවල් දෙකම මුන් දෙන්නට අව්ලක් නැ .සල්ලි හොයන්න පුළුවන් ජොබ් නේ.හොදට සල්ලි හෙව්වා.
මේ මගුල් වෙන කොට තමයි මගේ එක යාලුවෙක් අපේ පන්තියේ හිටිය කෙල්ලෙක්ව උස්සන් ගියේ.උස්සන් ගිය කීවට උන් දෙන්නගේ පල හිලව්වක් තිබුණ ස්කොලේ ඉන්න කලේ ඉදලම හැබැයි එත කොට ස්කොලේ එහෙම ගිහින් ඉවරයි .අනිත්  එකත් ඔය ටෙක් එකකදී සෙට් වෙච්ච කෙල්ලෙක්ව කසාද බැන්ඳ.දැන් දෙන්නම තාත්තලා වෙලා.මුන් දෙන්න ඒ පැත්තෙන් එහෙම දියුණු වෙනකොට අනිත් පැත්තත් හොදට දියුණු වෙලා.

කාලයක් යද්දී කුඩ්ඩො සෙට් එකක් එක්ක සෙට් වෙලා ඩබල  ගජ රාමෙට වැඩේට එන්ටර්.මුන් හම්බ කරන පඩිය මදි දෙන්න ට වැඩේට.ගෙදර ගෑනු ඉතින් දුක්විදිනවා,කොල්ලෝ දෙන්න හැබැයි හරිම උත්සහ වන්තයි වැඩ කරන්න ගියහම යක්කු වගේ උදේ ඉදන් හවස් වෙන කල් වැඩ එක පිම්මටව් හැබැයි හවස්වෙද්දී පිස්සු වගේ දුවනව.පැකට් එක ගන්න ඕනේ නිසා.

මේ අටමගල් පැත්තක දාලා උන්ගේ ගත යුත්ත ගැන අපි කතා කරමු.මේ අය  මොන දේ කලත් කාගේවත් ගැන හිතන්නේ නෑ  උන් හිතන්නේ තමන්ගේ සතුට ගැන විතරයි.උන්ට ඕන දේ උන් කොහෙන් හරි හොයා ගන්නවා.ඉතින් උන් කරන දේ ගැන උන් තෘප්තිමත්.මොන දේ ලැබුනත් නොලැබුනත් උන්ට වැඩක් නෑ.උන්ට අවශ්‍ය දේ ලැබෙනවා නම් ඒ ඇති.උන්ට පොධි ගහන්න සල්ලි අවශ්‍ය නැහැ ලොකුවට අනාගතයක් ගැන හිතන්න අවශ්‍ය නැහැ උන්ගේ එකම අවශ්‍යතාවය හවසට මත් වීම පමණයි.ඉතින් මේ උත්සාහය වෙන වැදගත් දෙකට යොමු කළා නම් උන් අද හොද සල්ලි කාරයෝ.උන්ගේ උත්සාහයේ ප්‍රතිපලය හැටියට අද උන්ට වෙලා තියෙන්නේ හිරෙ යන්න.

  ග.යු

අද අපි හුගක් අයට වෙලා තියෙන්නේ තමන් කරන දේ ගැන තෘප්තිමත් වීමට නොහැකි වීම මොනවා කලත් හරියන්නේ නෑ මොනවා කලත් වැඩක් නෑ  හැම දාම එකම තැන.කරන කරන හැම වැඩක්ම වරදිනවා මේ වගේ ප්‍රශ්න.අපි හැම දෙයක් ගැනම ලොකුවට බලාපොරොත්තු තියාගන්න ඕනේ නෑ තමන් කරන වැඩේ හරියට කරන්න ඒ වෙනුවෙන් තම ජීවිතයම කැප කරන්න හිරේ යනවා වෙනුවට රජගෙට යන්න එවිට ඔබට හැකි වේවි .....


මත් කුඩු නිසා මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් දැනගන්න මේ පින්තූර ටිකත් ඔයාලට වැදගත් පණිවිඩයක් දෙයි කියල මම හිතනවා.












කුඩු කාරයා 2 
සත්තය කතාව ලගදීම.......




Friday, April 4, 2014

ඇය නොදන්නා මගේ ආදරේ

අද තනියෙන් මා




ඇය එනතුරු මිනිතුවක් බලන් හිටිය...
මට ඒ මිනිත්තුව දැනුනේ පැයක් හා සමානව
 
ඇය එනතුරු මිනිත්තු දහයක් බලන් හිටිය ....
මට දැනුනේ පැය දෙකක් හා සමානව

ඇය එනතුරු මිනිත්තු 30 ක් බලන් හිටිය.....

මට දැනුනේ වරුවක් බලන් හිටිය වගේ



ඇය එනතු  පැයක් බලන් හිටිය....
මට දැනුනේ දවසක් බලන් හිටිය වගේ

ඇය එනතුරු දවසක් බලන් හිටිය....
මට දැනුනේ සතියක් බලන් හිටිය වගේ


 

ඇය එනතුරු සතියක් බලන් හිටිය...
මට දැනුනේ මාසයක් බලන් හිටිය වගේ

ඇය එනතුරු මාසයක් බලන් හිටිය...
මට දැනුනේ අව්රුදු ගානක් බලන් හිටිය වගේ



මට කොහොම දැනුනත් ඇය මාව බලන්න ආව

කාලයක් යද්දී මට සිද්ද උනේ



ඇය එනතුරු අවරුදු 2 ක් බලන් හිටිය...
මට දැනුනේ දවස් 2 ක් වගේ




ඇය එනතුරු අවරුදු 4 ක් බලන් හිටිය...
මට දැනුනේ දවස් 4 ක් වගේ 




ඇය එනතුරු අවරුදු 10 ක් බලන් හිටිය...

මට දැනුනේ දවස් 10 ක් වගේ

ඇත්තටම දැන් ඇය.......





දැන් මම



දැන් මට මං ගැනම දුක හිතෙනවා