Friday, May 9, 2014

කුඩුකාරයා 2

 කොග්ලි....!!


          කුඩු කාරයා කියල නමක් පට බැදුනාට මේ මිහිපිට ජීවත් වන සියලුම මිනිස් වර්ගයාගේ හදවත් සියල්ලෙහිම මනුස්ස කම කියන මානුෂීය හැගීම ගලක කෙටු අකුරක් බදුය.එවැනි මිනිසකුගේ අවසන් ඉරණම වෙඩි උණ්ඩයට හදුනා ගත නොහැකි විය.
එමෙන්ම තවත් දෙයක් මතක් කල යුතුව පවතී.ඒ බුදුන් වහන්සේ දෙසනා කල දර්මයේ වදනකි.   ''අවි ගත්තෝ අවියෙන් නැසේ''

කිරිබත්ගොඩ ප්‍රදේශයේ  ජීවත් උන එක්තරා  තරුණ කොලුගැටයෙක් පිළිබද  ලියවෙන ලිපියකි.ඔහු නමින් අනුර ඉන්දික ය. ඔහුගේ යහළු වන් ඔහුව හදුනන්නේ කොග්ලි නම් වූ අනුවර්තිත නාමයෙනි.ඉතා කඩවසම් රූමත් පරිනාහ දේහයකින් යුත් මොහු ඇසගැටෙනා කිසිවකුටත් මොහු නොමගට යොමු වූවකු ලෙස කිව නොහැක.මන්දයත් ඔහුගේ හැසිරීම් රටාව වැඩිහියන්ට ගරු කිරීම සහ ඔහු ලගින් ඇසුරු කරන්නන්ට ඉතාමත් හොද කල්‍යාන මිත්‍රයෙකි.

අපි ඉස්සර ක්‍රිකට් ගහන්නේ කැරකොප්පු ක්‍රීඩාන්ගනේ ඒ කියන්නේ කනත්තේ.මේ ලෝකේ කොහේ  හරි රටක හොල්මන් නැති කනත්තක් තියෙනවා නම් ඒ අපේ කනත්ත.හොල්මනුත් අපි ඉන්න පැත්ත පලාතකටවත් එන්නේ නැ.අපේ කනත්තට ඉස්සරහ තියෙන ගෙදර ඉන්නේ වයසක ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනුකුයි මේ දෙන්නට බෝල කියන ජාතිය පෙන්න බෑ.නිකමට වත් බොලේ ඒ වත්තට ගියොත් බොලේ ගන්න වෙන්නේ උසාවියෙන් උසාවි නොගිහින් බොලේ ගන්න නම් කොග්ලිය ඉන්නම ඕනේ.මොකද  මොකෙක්ටවත් බය නැති නිසාත් මුගේ හැටි කට්ටිය දන්නා නිසාත් එකෙක්වත් මුට මොනවත් කියන්නේ නැ.
මේ බෝලෙට වැඩියෙන්ම කේස් දාන්නේ ඇන්ටි තමයි මේ ඇන්ටිත් එක්ක වැඩියෙන්ම කේස් දාගෙන තියෙන්නේ අපේ පෝකා ඒ කියන්නේ උපුල්.මේ ඇන්ටිට ඉතින් මේකා පෙන කොට නයාට අඩු කොළ වගේ.උපුලට නම් පුල් ආතල් මොකද ඒ දවස්වල උටත් ඒ වගේ අම්ම කෙනෙක් ඉන්නවා කියන එක දැනෙන්න නැතුව ඇති.වයසේ වැරද්දනේ.

ඉතින් අපේ ගෙවල් පැත්තේ හිටිය කොට සිරිපාල කියල ආතල් පොරක්.උගේ උස නිසාම උට ගමේ උන් කියන්නේ කොට සිරා කියල.කොට සිරා කුලීවැඩ කරලා තමයි ජීවත් උනේ.ඌට ළමයි එහෙම නැ.හැබැයි පව්ලක් නම් හිටිය.උගේ උස අඩි 4 යි නම් ගෑනිගේ උස අඩි 6 ක් විතර ඉතින් හිතා ගනින්කෝ උගේ උස.

සිරා හවසට ගහල කනත්තේ තාප්පේ දිගේ තමයි එන්නේ.නිකන්ම නෙමෙයි එයාගේ ආදර කතාවත් කියා ගෙනම.
''චන්ද්‍රමේ රෑ  පාය ආවා හර්දේ පෙමින් නාවා  නාවා.....''කියාගෙන තමයි එන්නේ.
දවසක් මේ සිරිපාලය අපේ ගෙවල් ලග ගෙදරක වැඩට ගිහින් වැඩ කියන්නේ ඉතින් වත්ත සුද්ද කරන වැඩක්.මු වත්ත බාගෙට සුද්ද කරලා 4ට විතර ගෙදර මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලලා.වෙන මොකටද ඉතින් බොන්න යන්න තමයි.ඉතින් ගෙදර මිනිස්සු කැමති වෙලා නැහැ සල්ලි දෙන්න වැඩේ ඉවර උනහාහම සල්ලි දෙන්නම් කියලා. සිරාට ඉතින් මල පහ වෙන්න ඇවිත්.දන්නවනේ හැමදාම බොන එකෙක්ට එක දවසක් හරි නැති උනොත් මැරෙන්න වගේනේ.ඉතින් මු ඇවිත් මේ සීන් එක අපේ කොල්ලෝ සෙට් එකට කියල.ඔය සෙට් එක අතරේ කොග්ලියත් ඉදල.වූ ඉතින් දුක් ගන්නා රාලනෙ ඉතින් මේක ඇහුවහම උගේ රතු කට්ට පැනල.
ඉතින් කොග්ලිය කොල්ලෝ සෙට් එකත් එක්ක ගේ ලගට ගිහින් ගෙදරට කතා කරලා.ගෙදර උන් එලියට ඇවිත් නැ මොකද ඒ දවස් වල කරන්ට් එක කපනවා.කස්ටියට මතක ඇතිනේ. ඉතින් කොග්ලිය ගෙදරට පැනල මුළු ගේම කුඩු කරලා
මේක කරලා තියෙන හොදම වැඩේ තමයි ගේම දීලා එලියට එන ගමන් ගේ ඉස්සරහ නවත්තල තිබුන බයික් එකේ පෙට්‍රල් ටැංකිය ඇරලා එකේ තිබුන පෙට්‍රල් ටික ඔක්කම උරලා බයික් එකත් කුඩු කරලා.(ඔය පෙට්‍රල් ඉරුවහම මත්වෙනවලුනේ)

වැඩේ ඔහොම උනානේ.. හපුවෙනිද උදේ පාන්දරම අපේ උන් එක එකා පොලිසියේ මහත්තරු ඇවිත් එයාලගේ ගෙදර වාහනේ දාගෙන එක්කන් ගියා.හරියට කන්න බොන්න දීල දරු කමට හදා ගන්න වගේ.එත් ඉතින් කොග්ලිව එක්කන් යන එකනම් මේ මහත්තරුන්ට ටිකක් අමාරු උනා.ඉතින් එයාල අපේ කස්ටියට හොදට සකල තිබුනා.අන්තිමට අපේ කොල්ලෝ සෙට් එක නිසා කොග්ලිය ඒ කස්සටිය ලගට ම ගිහින් බාර වුනා.පස්සේ ඉතින් කොග්ලිය ගරු සරු ඇතිව එලියට ආවා .

කට්ටියටම තේරෙනවා ඇතිනේ කොග්ලිය මේ දේවල් වලට පැටලුනේ උගේ වාසියට වත් උගේ ඇගේ පතේ හයිය පෙන්නන්න වත් නෙමෙයි යාලුවෝ නිසා.උගේ අවංක කමට.උගේ ඉතින් තව තව කෙස් තිබුන වාහන උස්සල කැලි විකුණන ඒවා වගේ දේවල් මොකද කොල්ල මේ වෙද්දී කුඩු ගහනවා.හැබැයි ගමේ කාටවත් කරදරයක් නැ ගමේ කෙල්ලෙකුටවත් කට කැඩෙන වචනයක් වත් කියන්නෙත් නැහැ කාටවත් කියන්න දෙන්නෙත් නැහැ.


මුගේ හොමදම දේ තමයි කාත් එක්ක මරා ගත්තත් උගේ හිතේ කිසිම තරහක් නැ.

එක දවසක්
කොග්ලි මාමා කෙනෙක් එක්ක වලියක් දාගෙන.උගේ මාමාත් 6 යේ 4රේ පොර කොග්ලියත් එහෙම තමයි.මුන්දෙන්න මරා ගන්න තෝරාගෙන තියෙන්නේ මාරු තැනක් කනත්ත ලග මුන් දෙන්න පටන් ගත්තේ ගඩොල් බාග වලින් පස්සේ පස්සේ කළු ගලුත් හුව මාරු වෙන්න පටන් ගන්ත්තා.පැයක්  විතර මේ සෙල්ලම ගියා.ඉතින් මේක බලන් ඉන්න බැරි අපේ උන්  යන්න ගියා මොකද දෙන්නම සෙකන්ඩ් වෙන්න කැමති උන් නෙමේ සාමාන්නය එකෙකුට මුන්දෙන්නව අල්ල ගන්නත් බෑ .ටික වෙලාවක් යද්දී මුන් දෙන්න එකට බදාගෙන ගුටි කෙලගන්නවා මාමා කව්ද පුතා කව්ද කියලා අදුරන්න බෑ දෙන්නම රතුපාටයි. ඊට පස්සේ තමයි අපේ  ඇවිත් දෙන්නව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ.

තව දවසක් අපේ ගේ ඉස්සරහින් දඩ දඩ ගාල එකෙකුට ගහන සද්දයක් ඇහිලා අපේ කට්ටියම එලියට බැහැල බැලුව එත් කව්රුත් පේන්න  නැ.කෙදිරිගාන සද්දයකුත් ඇහෙනවා.හොදට විපරන් කරලා බලද්දී ඉස්සරහ ගෙදරින් සද්දේ ඇහෙන්නේ.අපිට පෙන්නේ නැහැ මොකද ලොකු තාප්පයක් ගහල තියෙන හින්ද.ටික වෙලාවකින් එකෙක් තාප්පෙන් පැනල දිව්වා.කළුවර නිසා අදුරගන්න බැරි උණා.

පැයකට විතර පස්සේ අපේ ගෙවල් පල්ලහ ඉන්න උන් ගාමිණි ගාමිණි කියා කියා දුවනවා.බලද්දී කොග්ලිය ගාමිණීට ගහල ඉස්පිරිතාලෙට ගෙනිහින් දාල.මු ගෙදරට ඇවිත් පණිවිඩෙත් කියල.''ගාමිණි ලෙස්සල වැටිලා ඔලුව පැලිලා ඉස්පිරිතාලෙට ගෙනිච්ච ''කියල.මු අමර පොර කියන්නේ උදේ ගාමිනිව බලන්න කෑමත් අරන් ඉස්පිරිතාලෙටත් යනවා.

 ඔහොම කාලයක් යද්දී අපිට ආරංචි උනා කොග්ලියගේ ගෙදරට අල්ලපු ගේ හොරු කඩලා කියල.ඉතින් කව්රුත් එක පාරටම සැක කරන්නේ වෙන කව්රුවත් නෙමේ කොග්ලියව.පොලිසියත් ඇවිත් වටේ උන්ගෙන් කටඋත්තර අරගත්තා.කොහොම හරි පොලිසිටත් සැක හිතුනේ මේකව.ඔන්න ඔතන ඉදල තමයි කොග්ලියගේ ජීවිතේට වෙනස් වෙන්න  පටන් ගත්තේ

මේ සිද්දියට පොලිසියෙන් කොග්ලියව හැම තැනම හොයන්න පටන් ගත්ත.දැන් කොග්ලිය හොයන්නේ කව්ද පොලිසියට කට උත්තර දුන්නේ කියල.මුට ආරංචි උනවිදිහට ඒ ගේ ඉස්සරහ ඉන්න සුමනදාස කියන මාමා තමයි වැඩේ කරලා තියෙන්නේ කියලා.පොරත් ඒ කාලේ අවරුදු 50ක විතර වයසක පොර.මිනිහත් ඒ කොල්ල කාලේ චන්ඩියලු.කොග්ලිය මේක හිතේ තියන් ඉදල මේ මාමාව දවසක් උදේ පාන්දරම අල්ලාගෙන 6.30ට විතර.මේ මාම වැඩට යන ගමන් ඉදල තියෙන්නේ.
එදා උදේ පාන්දර අපිට ඇහුනේ මහා  බෙරිහන් දීමක් මගේ ජීවිතේට අහපු ලොකුම බෙරිහන් දීම.ඒ මරණ බියෙන් බෙරිහන්දෙන හඩ.අපිත් දුවල ගිහින් බැලුව බලද්දී අනේ මේ නරුමය අර අන්කල්ගේ අත උස්සල ඉන පැත්තට කොටලා.පාර පුරාම ලේ පිරිලා.

මු ඒ අස්සේ අන්කල්ගේ දුවලගේ ගෙදරට ගිහින් පනිවිඩෙත් කියල ''අන්න උබලගේ තාත්ත කනත්ත ලග කොටලා දාල ඉන්නව.මැරෙන්න කලින් ඉස්ස්පිරිතලේට ගෙනියපන්'' කියල.එදා ඉතින් ගමේ ලොකු මළගෙයක් වගේ.

ටික කාලයක් යද්දී අන්කල් හොදවෙලා ගෙදර ආව.කොග්ලියත් ඇප පිට නිදහස් උනා.පස්සේ ඉතින් අන්කලුත් නිකන් හිටියේ නැහැ.කොග්ලියව මරන්න පාතාලේ කොල්ලෝ දෙන්නෙකුට බාර දුන්නා. උන්ගේ  ප්‍රදීප්, රොෂාන්.කියල දෙන්නෙක්ට.

උන්ගෙන් වැඩියෙන්ම දුක් වින්න්දේ අපේ කොල්ලෝ සෙට් එක.මේ වෙන කොට අපේ උන් කනත්ත ඉස්සරහ තිබුන පෑලියගොඩ පිරිවෙනේ හාමුදුරු නමකට අයිති ඉඩමක සෙල්ලම් කරන්න පටන් ගත්තා.උන් අපි සෙල්ලම් කරන වත්තේ තමයි උන්ගේ බයික් වැඩ දාන්නේ.අපේ උන් සෙල්ලම් කරන වත්තේ උන්ගේ බයික් යන්නේ හයිවේ එකේ යනවා වගේ.අපි මේ ගැන ඒ ගෙදර අයට කිව්වත් වැඩක් නැ මුන් අහන්නෙම නෑ.පස්සේ උන් යන පාර කොට දාල හරස් කළා උන් ඒ කොට උඩිනුත් යනවා.
දවසක් කොග්ලිය මේක බලන් හිටය අපේ උන් සෙල්ලම් කරන එකත් නැවැත්තුව.පස්සේ කොග්ලිය ඇවිත් කිව්වා ''උබල සෙල්ලම් කරපන් ඉතුරු හරිය මම බලා ගන්නම් ''.කියල කොග්ලිය ගිහින් කොටන් ටික අයින් කරලා එතනට වෙලා හිටගෙන හිටියා.අනේ පව් අර පාතාලේ ලොක්කන්ට අර කොටන් වලට වඩා කොග්ලිය ලොකු උනා.කොග්ලිය ඉන්න වෙලාවට උන් ඒ අහලකින්වත් ගියේ නෑ.

ඔවුන්ගේ මේ ගමන් බිමන්වල පරමාර්ථය වෙලා තිබුනේ කොග්ලිගේ යන එන ගමන් බිමන් යන එන තැන් ආශ්‍රය කරන පුද්ගලන් සහ ඔහුට පහර දියහැකි හොදම අවාස්තාව ගැන විස්තර හොයන එක.ඔවුන්ගේ මේ හැසිරීම් රටාව සහ ගමේ සිටින සැවොම දන සියා.කොග්ලිත් දැන සිටියා ඒ නිසා ඔහුත් එම අවස්ථාවට මුහුණ දෙන්න නිරන්තරයෙන් සුදානමින් සිටියා.





1998 අගෝස්තු 8ට වැනිදා උදෑසන කොග්ලි ගෙදර එන අතර තුරදී ප්‍රදීප් සහ රොෂාන් දෙදෙනාව ඔහුට හම්බෙලා.

''උබල මව මරන්නනේ ඉන්නේ..මම අද විතරයි ඉන්නේ කරන දෙයක් අදම කරපන් මම හෙට රට යනවා''

කියල කොග්ලි උන් දෙන්නට කන රත්වෙන්න දෙකක් දීල.ගෙදර ඇවිත්.ඔහුගේ යාලුවන්ව හම්බෙන්න පාර පැත්තට ගිහින්.පැයකට විතර පස්සේ උන් දෙන්න මෝටර් බයික් එකකින් නොසිතු විදියට මතුවෙලා.ඒ වෙනකොට කොග්ලි ඉදල තියෙන්නේ යහළුවෙකු පුංචි ළමයෙකුත් වඩාගෙන.හිත්පිත්  නැති මෙම සාහසිකගේ අවි ක්‍රියාත්මක වුයේ ඒ සිගිත්තා කොග්ලිගේ අතේ සිටියදීමය..එහෙත් එම දරුවාට කිසිදු හානියක් නොවන්නට කොග්ලි වග බලා ගත්හ.වෙඩි පහර වැදුනද වේගයේන්  දිවගොස් දැරුවද පසෙකින් තබා අතුරු පාරක් දිගේ ඔහු දිවගියේ ඔහුගේ මාමා කෙනෙකුගේ නිවසකටය.ඔහු පසුපස ලුහුබැදී සාහසිකයින් එම නිවසට කඩා වැදී සිය අවිහි තිබු පතුරන් සියල්ලම කොග්ලිගේ හිසෙහි කිදා බස්වීය.


4 comments:

  1. මේක ඇත්තම කතාවක්ද බන්, මාරුවට ලියලා තියෙනවා, හරියට නිකන් ගිනි අවි සහ ගිනි කෙලි වල එක චප්ටෙර් එකක් වගේ, මේකේ කොග්ලිගේ කතාව අර බමර වලල්ලේ ඉන්න ගෝන මඩිත්තේ පොඩි එකාගේ කතාව වගේ. බ්ලොගේට සුබ පැතුම් එහෙනං ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අනිවා සොමියා....මේක ඇත්තම සීන් එකක් කොග්ලි කරපු තව වැඩ තියෙනව එකට හිටිය යාලුවන්ගේ කකුලට විහිලුවට වෙඩි තියපු දේවල් එහෙම.ඒවා ලිව්වේ නැ දිග වැඩිවෙන නිසා.

      ස්තුතියි comment එකට...

      Delete
  2. මලා තෝ කොග්ලියා ගැනත් ලිව්වද...?
    නියමෙට ලියලා තියෙනවා.
    ලියහන් ඔය වටේ ඉන්න අනික් උන් ගැනත්....... විශේෂයෙන් මිනී ගැන ලියහන්. ඕකාට පෙන්නලා අවුස්සමු.

    ReplyDelete
  3. ඇයි අලුත් දේවල් ලියන්න.

    ReplyDelete

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.