Friday, September 12, 2014

අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ.

 

 

 

 

      ඔන්න යාළුවනේ  පිට්ටුවා කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න නෙට් එක පැත්තට ආව.ඇත්තටම කියනවනම් පිට්ටුවා බ්ලොග් එකට ලොග් උනෙත් බොහොම අමාරුවෙන්.ඒ ඇයි කියනවා නම් හෙන කාලෙකින් මේ පැත්තට අපු නැති නිසා පාරත් මතක නැ.අපේ නිමෝ  කොල්ල පිට්ටුවට ඇවටිලි කලා උබ මල්වානේ කෙල්ල බලන්න හිගින් ගත්ත ආතල් එක ලියපන් ලියපන් කියල.ඉතින් කොල්ලගේ වචනේ අහක දාන්න  බැනේ ඔන්න අහපන්ලකෝ පිට්ටුවගේ ආතල් එක.

පිට්ටුවගේ ගෙවල් ලග ඉන්නව පිට්ටුවගේ පිට්  පොරක්.මිනිහ ප්රෙස් එකක් කරන්නේ.මමත් ඉතින් නිකන් ගෙදරට වෙලා ඉන්න එකනේ ගිහින් උට හෙල්ප් එකක් දෙනවා කියල උත්  එක්ක වැඩට ගිය.ඔය කියන ප්රෙස් එක තියෙන්නේ දෙමටගොඩ පැත්තේ 154 පාර අයිනේම තමයි.ඉතින් පිට්ටුව ඕකට ගිය ගමන් දැක්කේ ඔකේ වැඩ කරන කෙල්ලෝ තුන් දෙනෙක්.දෙන්නෙක් ම දෙමල කෙල්ලෝ එක කෙල්ලයි සිංහල.දන්නවනේ ඉතින් දෙමල කෙල්ලෝ සමාන්නයෙන් කලුයිනේ.සිංහල කෙල්ල නම් සුදුයි,ලස්සනයි.උබල හිතන්නේ මට සිංහල කෙල්ලට හිත ගිය කියලද? නැත්තන් දෙමල කෙල්ලෝ දෙන්නට හිත ගිය කියලද?

 පල පල යන්න 

මම එහෙම වල් කොල්ලෙක් නෙමේ.අම්බෝ උබල දැන් කියයි 

 'පිට්ටුව බබනේ' 

කියල.ඇත්තටම පිට්ටුව බබා නෙමේ තමයි.එත් මන් කල්පනා කලේ මොන කෙල්ලටද කොකන් පාන්නේ කියල.මට හිතන්නවත් හම්බුනේ නෑ දෙමල කෑල්ලක් මට පුල් ට්‍රයි එක.කොල්ලෙක් වෙච්ච මට කෙල්ලෙක් ටෝක් කරද්දී කොහොමද බන් අහක බලන් ඉන්නේ....?පිට්ටුවත් ඉතින් පුල් ගේමක් දීල කෙල්ලව සෙට් කර ගත්ත.දැන් ඉතින් සීන් එක නැගල යනවා.මොකද පිට්ටුවත් කෙල්ලක් නැතුව වේලි වෙලිනේ හිටියේ.

ඔහොම ටික දවසක් යනකොට පිට්ටුවගේ පරණ කෑල්ලක් පිට්ටුවට කියනවා 'මම හෙට හවස කිරිබත්ගොඩ එනවා මන් වගේ කෙනෙක්ව කිරිබත්ගොඩදී දැක්කොත් අනිවා කෝල් එකක් දෙන්න කියල.පිට්ටුවත් ඉතින් කලින් දාගෙන හිටිය කැල්ලක් උනාට මොකද අවරුදු 4 න් විතර කෙල්ලව දැකල තිබුනේ නැ.ඇත්තටම පිට්ටුවගේ හිතේ තියෙන්නේ මේ කෙල්ල ගැන මාර බක්තියක්.මොකද කියනවා නම් මු හිතන් ඉන්නේ  ඒ කෙල්ල හරි ලස්සනයි කියල.මොකද මුට ඒ කෙල්ලගේ මුණ මතක නෑනේ.

ඉතින් මු එදා ප්‍රෙස් එකටත් ගිහින් ජැන්ඩි පහට ඇදගෙන නිවාඩුවකුත් දාලා,දෙමල කෙල්ලවත් අමතක කරලා ගියා පරණ කෑල්ල බලන්න.වැඩි කැටයන් මොකටද පිට්ටුව කිරිබත්ගොඩට ගිහින් බලපුවහම ඒ කෙල්ල හිටියටත් වැඩිය කැත වෙලා.ඉතින් මමත් ගිය ගොන්කමට මොනවා කරන්නද කියල හොද හිනාවක් එහෙම දල ඒකි එන මග රැකන් හිටියා.ටිකක් කතා කරලා තේ එකක් එහෙම බීල පරණ ලී බඩු අයෙත් පොලිෂ් කරන්න හිතන්.

උබල හිතන්නේ පිට්ටුවට මොකක් වෙන්න ඇතිද?

මොනවා වෙන්නද බන් එකී වෙන කොල්ලෙක් එක්ක පිට්ටුව ඉස්සරහට අව කියහන්කෝ..එකී දැන් වැඩ කරන්නේ බියගම වෙළද කලාපෙනේ.දෙමල කෙල්ලත් ගෙදරින් මගුලක් කතා කරලා කියල පිට්ටුවව ආතැරලා.

දැන් ඉතින් පිට්ටුවට හුලන් තමයි.

10 comments:

  1. ඕම වෙයි කියලා අපි කලින්ම කිව්වා, හේ.......හේ......හේ............

    ReplyDelete
    Replies
    1. පල පල බෙබා.....

      Delete
    2. නිමෝ, ඇයි උඹ සාස්තර කාරයෙක්ද? :p

      Delete
    3. නෑ මම බේබද්දෙක්

      - මීට නිමෝ -

      Delete
    4. නැ...නැ .....ඕකගේ නම නිමොද නෙමේ strong නිමොද මචං.

      Delete
    5. පත්තරේ පල කරපු එක නම් හරි වගේ...

      Delete
  2. අදනෙ ආවෙ. දැන් ඉතිං දිගටම එනවා උඹේ ස්පේස් එකට. දිගටම ලියහන්.

    එළ තමා!!

    ඔය උඩ ඉන්න එකා තමා පාර පෙන්නුවෙ! :D

    ReplyDelete
    Replies
    1. එලස්...මචං පුළුවන් හැම වෙලාවකම ලියනවා..හැබැයි උබලට කියවන්න පුළුවන් වෙයිද දන්නේ නැ .මගේ ට්‍රයි එක ජීවිතේට වැදගත් දෙයක් ලියන්න. බලමු....!!!!

      Delete
  3. ආ මස්සිනේ … අපි ආවා. ඔය නිමෝ කියන බේබද්දා ,බියර් මරුවා තමා පාර කීවෙ … දාහං දාහං ඊළඟට තව එකක් සුටුස් ගාල !!!

    ReplyDelete
    Replies
    1. Thax....උට බීර් මාරුව කියන්න එපා බන් හරි නැනේ strong නිමොද කියමු......????

      Delete

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.