Friday, September 19, 2014

දෙවියන්ගෙන් ඉල්ලන්න එපා


මේකත් පිට්ටුවට වෙච්ච සිරාම සීන් එකක්.පිට්ටුව සිරාවටම

love කරපු කෙල්ලෙක් හිටියා.එයාගේ නම දිනු.අපේ නිමො නම් කියන්නේ Sister කියල.මොකද එයා sister  කෙනෙක් වෙන්න ගිය නිසා.පිට්ටුව බොක්කෙන් ම එයාට love කළා.


පිට්ටුවට මේ sister ව සෙට් උනේ වැලිවේරියේ කඩේක Computer හදන්න ගිහින්.ඇත්තටම අවංක,අහිංසක,දුප්පත් කෙල්ලෙක්.හැබැයි ලස්සන නම් නැ.ඇත්තටම පිට්ටුව කැමති ඒ වගේ කෙල්ලන්ට.ලස්සන කන්නද බන්....????

ඉතින් මේ කෙල්ල පිට්ටුවට love කලේ නම් නෑ.එයා කලින්ම පිට්ටුවට කිව්ව 'මම sister කෙනෙක් වෙන්න ඉන්නේ ඔයා මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා අයියේ' කියල.හැබැයි පිට්ටුවගේ හිතේ ලොකුවට බලාපොරොත්තු නම් තිබුනා. එත් ඉතින් එයා කියල තිබුනනේ එයාගේ අරමුණ මොකක්ද කියල.ඉතින් පිට්ටුවට බල කරන්නත් බැ.ඉතින් මෙහෙම අව්රුද්දක් විතර ගෙව්නා.පිට්ටුව බොක්කෙන් love කරපු කෙල්ලනේ.පිට්ටුවට එයා කිව්වා 'මම දැන් පල්ලියට යන්න ඕනේ'  කියල ඉතින් පිට්ටුව එපා කියන්නද බන්.මන් කිව්වා 'හරි කමක් නැ  ඔය යන්න' කියල.හැබැයි පිට්ටුව තාමත් කෙල්ලගේ අතින්වත් අල්ලා නෑ.

පිට්ටුවට කරගන්න දෙයක් නැ.කරන්න ඉතුරුවෙලා තිබුනේ එක දෙයි.ඒ නොදැක්ක දෙවියන්ගෙන් නොදන්නා අනාගතේ ඉල්ලන එක විතරයි.පිට්ටුව දෙවියන්ගෙන් එක දෙයක් ඉල්ලුව එය යන දවසට හිතට දුකක් දෙන්න එපා කියලා.පිට්ටුව ක්‍රිස්තියානි පොරක් නෙමේ.බෞද්ධ පොරක්.මාර වැඩේ කියන්නේ එයා යන දවසේ පිට්ටුවට කිසිම දුකක් දැනුනේ නැති එකනේ.


එක එහෙම උනා කියමුකෝ.පිට්ටුවාව දාල එය යන්න ගියා පිට්ටුව තනි උනා.පස්සේ ඉතින් පිට්ටුව දෙවියන්න කියන්න පටන් ගත්ත 'ඔබ වහන්සේ ජීවමාන නම් දිනුව අයෙත් එවන්න'කියල හිතපු  නැති වෙලාවක එයාගෙන් කෝල් එකක් ආවා.එයට sister කෙනෙක් වෙන්න බැරිවෙලා.හුගක් කරදර වෙලා.තාමත් එයා try කරනවා සිස්ටෙර් කෙනෙක් වෙන්න.එත් කරන හැම දෙයක්ම හරියන්නේ නැ.දැන් නම් මට එයා ගැන පව් කියල හිතෙනවා මචං

6 comments:

  1. මචන් අකුරු තව ටිකක් ලොකු කරපන්

    ReplyDelete
    Replies
    1. Sorry මචං ......thax කිව්වට.

      Delete
  2. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි…
    පහන ළගයි,, ආලෝකෙ දුරයි…

    ReplyDelete
    Replies
    1. හ්ම්.......මොනවා කරන්නද ප්‍රියා.....

      Delete
  3. ඉතින් ඊට පස්සේ??

    ReplyDelete
    Replies
    1. තාමත් ට්‍රයි කරන්නේ සිස්ටර් කෙනෙක් වෙන්න යන්න මචං.

      Delete

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.