Wednesday, October 1, 2014

පොලිස් බල්ලෝ




පසුගිය 29 වනදා රාත්‍රියේ පිට්ටුවට අදහා ගත නොහැකි ලෙස බලු පොලිස් ප්‍රහාරයකට ලක්වීමට  සිදුවුණා.රටක සිවිල් ජනතාවගේ ආරක්ෂාවට සිටින ලගම නෑයා පොලිසියයි ඒ වගේ පොලිසියේ මහත්වරු විසින් කරන උතුම් ක්‍රියා නිසා එම උත්තරීතර පොලිස් ආයතනයට ජනතාවගේ තිබෙන ප්‍රසාදය නැතිවෙනවා.පිට්ටුව කියන්නේ පොලිසිය ගැන මහත් ගව්රවයේන් දොඩවපු පණ්ඩිතයෙක් කියලා අපේ උන් දන්නවා.අන්තිම පිට්ටුවට උනේ නොකළ වරදට පොලිසියේ අවන් හලේ රැයක් නිදියන්න.සිද්දිය මගේ වචන වලින් කිව්වොත් මෙන්න මෙහෙමයි..

29 වනදා රැ පිට්ටුවගේ මිතුරකුගේ කඩයක් ඕපන් කිරීමේ අවස්ථාවකට සහබාගි වුණා.පිට්ටුව ඒ තැනට යනකොටත් හොදටම වැස්ස.පිට්ටුවගේ යාලුවෝ කිහිප දෙනෙකුත් එම ස්ථානයට ඇවිත්  සප්පායන් වෙනගමන් හිටියේ කොහොම හරි ටිකින් ටික රෑ උනා වැස්සත් නිසා පිට්ටුවත් බීර් ටින් එකක රස පහස වින්ද එක ඉතින් අද සමාජයේ මහා ලොකු වරදක්ද කියල පිට්ටුව තාමත් කල්පනා කරනවා.(උබලට හිතෙන විදිය පහලින් ලියපන්ලකෝ.)කොහොමින් කොහොමින් හරි වෙලාව 12.15 ව විතර වෙන කොට පිට්ටුව අනිත් යාළුවන්ට කතා කළා දැන් යමුද කියල.හැමෝම සින්දු කියනවා,කොහොම හරි 12.30 ට යන්න එකෙක් කැමති උනා.ඒ කියල 12.30 වෙනකල් සින්දු කියනවා පිට්ටුව අයෙත් ඇහුව දැන්වත් යමුද කියල එත් එකෙක්වත් එන පාටක් නෑ.උන් ගමේ තියෙන පාරවල් හදන්න හදනවා ඒ වෙලාවේ.දන්නවනේ සමහරු බිව්වහම රජ ටෝක් ගමන විල්බෙරෙක්න් නේ.

බොරු රජවාදන් අල්ලපු නැති පිට්ටුව  එතනින් නැගිටලා හැමෝටම සුභ පතල යන්න පිටත් උනා.එතන ඉදල මීටර් 50 යන්න හම්බ උනේ නැ ත්‍රිව්හීල් එකක් පිට්ටුව යන පැත්තට විරුද්ද පැත්තෙන් පිට්ටුවගේ ඇගට එනවා.පිට්ටුව පාර අයිනටම පැනල අත පය කඩා ගන්නේ නැතුව බේරුනේ දසමෙට.
පිට්ටුවගේ බේබදු යාළුවොත් ඉතින් රෑ ජාමෙට ඔය එහෙ මෙහෙ කරක් ගහන නිසා පිට්ටුව හිතුවේ උන්ගෙන් සෙට් එකක් වෙන්න ඇති කියල.මොකද මේ ලැජ්ජා ටැක්සියේ එලවපු එකයි තවත් දෙන්නෙකුයි හිටිය නිසාත් උන් හොදටම සැර බීමෙන් සප්පායන් වී සිටි නිසාත්.
 පිට්ටුවගේ ගමන නතර කරවපු මේ මී හරක් තුන් කට්ටුව පිට්ටුවගෙන් ප්‍රශ්න  කරන්න පටන් ගත්ත.

උබ කොහෙද යන්නේ?
 
ගෙදර යනවා

කොහෙද ගෙවල්?
 
මේ එහා පැත්තේ

දීපන් අයිඩ්න්ටිය
 
මෙන්න

උබේ ඇඩ්රස් තියෙන්නේ මෙහෙ නෙමේනේ.උබ ගෙවල්  කඩන්න  යන්නේ?
 
නෑ...නෑ ...මේ යාලුවෙක්ගෙ කඩයක් ඕපෙන් කරා අද එකට ගිහින් එන ගමන්.කඩේ තියෙන්නේ අර ලයිට් දාල තියෙන තැන.

අපිව ගොනාට අන්දන්න හදන්න එපා යකෝ.නැගපන් නැගපන් වාහනේට.

ඔන්න ඔහොම කියල ත්‍රී විල් එකට නග්ග ගත්ත.ඒ යන අතරතුරත් කඩේ තියෙන තැන පෙන්නලා කිව්වා

ඔන්න ඔතන නවත්තන්න තාමත් කට්ටිය ඉන්නවා

උබට පිස්සුද ගෙවල්වල නිදියන් ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්නද උබ හදන්නේ යමන් යමන් පොලිසියට..ගිහින් කුරු ගණන් කරපං.

කියල ඔවුන් ඔවුන්ගේ මතේට පිට්ටුවව පොලිසියට ගෙනිහින් ඔවුන්ගේ බලු කුඩුව ලගට  පිට්ටුවාව එක්කන් ගිහින් 

උබේ තියෙන මුළු සේසතම මෙසේ උඩින් තියපන්

ඒ වෙන කොට පොලිස්  ඇදුම් ඇදගත්ත දෙන්නෙක් හැරෙන්න අනිත් සියලුම දෙනා වැනි වැනි පිට්ටුවට ඔවුන්ගේ බලය පතුරනවා.ඒ අතර හිටපු තවත් මහත්මයෙ පිට්ටුවගේ සාක්කුවලට ඇත දාල

මෙන්න  මුගේ සාක්කුවල ගංජා....මුව මාස 6 කටවත් ඇතුලට දාන්න වෙනවා

කියල කෑ ගහනවා.ඒ වෙලාවේ නම් ඉතින් පිට්ටුවට ඒ පොලිසියයි කියල මතක් උනේ නැ

කරුණා කරලා ඔය අත  ගන්න අහකට මගේ ලග ගංජා නැ.ඔයා අත දාන්නත් එපා..මාව  චෙක් කරනවා නම් වෙන කව්රුහරි චෙක් කරන්න

ඊට පස්සේ තවත් කෙනෙක් ඇවීත්

මු අපිව විහිලුවට අරන් පලයන් ඇතුලට

කියල පිට්ටුවාව කුඩුව ඇතුලට දැම්ම.මම නම් දන්නා තරමට මම කුඩුවක ඉන්න තරම් කරපු වරක් නම් නැ.අනිත් දේ තමයි ඔවුන් මව අත්අඩංගුවට ගත්තේ ගොනහෙන ප්‍රදේශයේදී.ගොනහෙන ප්‍රදේශය අයිති කඩවත පොලිසියට ඊට අමතරව එම ප්‍රදේශයට කිට්ටුම පොලිසිය මීගහවත්ත පොලිසිය හැබැයි අත්අඩංගුවට ගත්ත පොලිසිය බියගම පොලිසිය.

ඒ අවස්ථාව වෙනකොට පොලිසියේ කිසිම උසස් පොලිස් නිලදාරියෙක් නම් පෙන්නේ හියේ නැ.පාන්දර 3 ට විතර පොලිස් ස්තානාදිපති ඉන්නවා දැක්ක.ඒ වෙලාවේ මන් කිව ලග හිටිය පොලිස් මහත්තයට මට ස්තානාදිපති තුමාට කතා කරන්න ඕනේ කියල එතකොට ඒ කාලකන්නිය කිව්වා

ඇයි දැන් ගෙදර යන්නද ?

මං කිව්වා

නෑ ටිකක් කතා කරන්න කියල

ඊට පස්සේ උ කියනවා

දැන් යන්න ඕනේ නෑ උදේට යන්න පුළුවන්නේ ඔහොම ඉන්නවා කියල

මට නම් කියන්න තියෙන්න මේ ලිපිය කියවන කව්රු හරි පොලිසියේ මහත්තයෙක් හරි ඉන්නවා නම් මට සමාවෙන්න

අහිංසක මිනිස්සුන්ට මේ වගේ වැඩ කරන කාලකන්නි අසමත්ජාතින්ට හෙනගහපුදෙන් කියල.






6 comments:

  1. දැන් ඉන්නෙ වල් බූරු හැත්තක් කියල තමා කියන්න වෙන්නේ... ගොඩක් පොලිසි වල තත්වේ ඕක තමයි.. උන්ට අසීමිත බලයක් ලැබිල තියෙන්නෙ... නීතියෙන් නෙමෙයි අවනීතියෙන්... මොකද බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ... අන්තිමට හැමෝම ගන්නෙ පොලිසියේ පැත්ත.

    ReplyDelete
    Replies
    1. ඒකතමා සිහින ජරාහැත්තක් පොලිස් කාරයෝ කියන්නේ.

      Delete
  2. ඕකුන්ට බල්ලො කියලා බල්ලන්ට අපහාස කරන්න එපා බං! ඔය ගොඩක් උන් බල්ලන්ටත් අන්තයි.

    ReplyDelete
  3. මොනා කරන්නද බන්, අබුද්දස්ස කාලේ කජ්ජ ගහේය පුහුල බිමේය.

    ReplyDelete
  4. මට පේන්න බැරි ජාතිය..

    ReplyDelete
  5. යකෝ එහෙමත් කරන්න ඇහැක්ද?? ලියපං පොලිස්පතියට

    ReplyDelete

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.