Friday, September 12, 2014
අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ.
ඔන්න යාළුවනේ පිට්ටුවා කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න නෙට් එක පැත්තට ආව.ඇත්තටම කියනවනම් පිට්ටුවා බ්ලොග් එකට ලොග් උනෙත් බොහොම අමාරුවෙන්.ඒ ඇයි කියනවා නම් හෙන කාලෙකින් මේ පැත්තට අපු නැති නිසා පාරත් මතක නැ.අපේ නිමෝ කොල්ල පිට්ටුවට ඇවටිලි කලා උබ මල්වානේ කෙල්ල බලන්න හිගින් ගත්ත ආතල් එක ලියපන් ලියපන් කියල.ඉතින් කොල්ලගේ වචනේ අහක දාන්න බැනේ ඔන්න අහපන්ලකෝ පිට්ටුවගේ ආතල් එක.
කියල.ඇත්තටම පිට්ටුව බබා නෙමේ තමයි.එත් මන් කල්පනා කලේ මොන කෙල්ලටද කොකන් පාන්නේ කියල.මට හිතන්නවත් හම්බුනේ නෑ දෙමල කෑල්ලක් මට පුල් ට්‍රයි එක.කොල්ලෙක් වෙච්ච මට කෙල්ලෙක් ටෝක් කරද්දී කොහොමද බන් අහක බලන් ඉන්නේ....?පිට්ටුවත් ඉතින් පුල් ගේමක් දීල කෙල්ලව සෙට් කර ගත්ත.දැන් ඉතින් සීන් එක නැගල යනවා.මොකද පිට්ටුවත් කෙල්ලක් නැතුව වේලි වෙලිනේ හිටියේ.
Friday, May 9, 2014
කුඩුකාරයා 2
කොග්ලි....!!
කුඩු කාරයා කියල නමක් පට බැදුනාට මේ මිහිපිට ජීවත් වන සියලුම මිනිස් වර්ගයාගේ හදවත් සියල්ලෙහිම මනුස්ස කම කියන මානුෂීය හැගීම ගලක කෙටු අකුරක් බදුය.එවැනි මිනිසකුගේ අවසන් ඉරණම වෙඩි උණ්ඩයට හදුනා ගත නොහැකි විය.
එමෙන්ම තවත් දෙයක් මතක් කල යුතුව පවතී.ඒ බුදුන් වහන්සේ දෙසනා කල දර්මයේ වදනකි. ''අවි ගත්තෝ අවියෙන් නැසේ''
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජීවත් උන එක්තරා තරුණ කොලුගැටයෙක් පිළිබද ලියවෙන ලිපියකි.ඔහු නමින් අනුර ඉන්දික ය. ඔහුගේ යහළු වන් ඔහුව හදුනන්නේ කොග්ලි නම් වූ අනුවර්තිත නාමයෙනි.ඉතා කඩවසම් රූමත් පරිනාහ දේහයකින් යුත් මොහු ඇසගැටෙනා කිසිවකුටත් මොහු නොමගට යොමු වූවකු ලෙස කිව නොහැක.මන්දයත් ඔහුගේ හැසිරීම් රටාව වැඩිහියන්ට ගරු කිරීම සහ ඔහු ලගින් ඇසුරු කරන්නන්ට ඉතාමත් හොද කල්‍යාන මිත්‍රයෙකි.
අපි ඉස්සර ක්‍රිකට් ගහන්නේ කැරකොප්පු ක්‍රීඩාන්ගනේ ඒ කියන්නේ කනත්තේ.මේ ලෝකේ කොහේ හරි රටක හොල්මන් නැති කනත්තක් තියෙනවා නම් ඒ අපේ කනත්ත.හොල්මනුත් අපි ඉන්න පැත්ත පලාතකටවත් එන්නේ නැ.අපේ කනත්තට ඉස්සරහ තියෙන ගෙදර ඉන්නේ වයසක ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනුකුයි මේ දෙන්නට බෝල කියන ජාතිය පෙන්න බෑ.නිකමට වත් බොලේ ඒ වත්තට ගියොත් බොලේ ගන්න වෙන්නේ උසාවියෙන් උසාවි නොගිහින් බොලේ ගන්න නම් කොග්ලිය ඉන්නම ඕනේ.මොකද මොකෙක්ටවත් බය නැති නිසාත් මුගේ හැටි කට්ටිය දන්නා නිසාත් එකෙක්වත් මුට මොනවත් කියන්නේ නැ.
මේ බෝලෙට වැඩියෙන්ම කේස් දාන්නේ ඇන්ටි තමයි මේ ඇන්ටිත් එක්ක වැඩියෙන්ම කේස් දාගෙන තියෙන්නේ අපේ පෝකා ඒ කියන්නේ උපුල්.මේ ඇන්ටිට ඉතින් මේකා පෙන කොට නයාට අඩු කොළ වගේ.උපුලට නම් පුල් ආතල් මොකද ඒ දවස්වල උටත් ඒ වගේ අම්ම කෙනෙක් ඉන්නවා කියන එක දැනෙන්න නැතුව ඇති.වයසේ වැරද්දනේ.
ඉතින් අපේ ගෙවල් පැත්තේ හිටිය කොට සිරිපාල කියල ආතල් පොරක්.උගේ උස නිසාම උට ගමේ උන් කියන්නේ කොට සිරා කියල.කොට සිරා කුලීවැඩ කරලා තමයි ජීවත් උනේ.ඌට ළමයි එහෙම නැ.හැබැයි පව්ලක් නම් හිටිය.උගේ උස අඩි 4 යි නම් ගෑනිගේ උස අඩි 6 ක් විතර ඉතින් හිතා ගනින්කෝ උගේ උස.
සිරා හවසට ගහල කනත්තේ තාප්පේ දිගේ තමයි එන්නේ.නිකන්ම නෙමෙයි එයාගේ ආදර කතාවත් කියා ගෙනම.
''චන්ද්‍රමේ රෑ පාය ආවා හර්දේ පෙමින් නාවා නාවා.....''කියාගෙන තමයි එන්නේ.
දවසක් මේ සිරිපාලය අපේ ගෙවල් ලග ගෙදරක වැඩට ගිහින් වැඩ කියන්නේ ඉතින් වත්ත සුද්ද කරන වැඩක්.මු වත්ත බාගෙට සුද්ද කරලා 4ට විතර ගෙදර මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලලා.වෙන මොකටද ඉතින් බොන්න යන්න තමයි.ඉතින් ගෙදර මිනිස්සු කැමති වෙලා නැහැ සල්ලි දෙන්න වැඩේ ඉවර උනහාහම සල්ලි දෙන්නම් කියලා. සිරාට ඉතින් මල පහ වෙන්න ඇවිත්.දන්නවනේ හැමදාම බොන එකෙක්ට එක දවසක් හරි නැති උනොත් මැරෙන්න වගේනේ.ඉතින් මු ඇවිත් මේ සීන් එක අපේ කොල්ලෝ සෙට් එකට කියල.ඔය සෙට් එක අතරේ කොග්ලියත් ඉදල.වූ ඉතින් දුක් ගන්නා රාලනෙ ඉතින් මේක ඇහුවහම උගේ රතු කට්ට පැනල.
ඉතින් කොග්ලිය කොල්ලෝ සෙට් එකත් එක්ක ගේ ලගට ගිහින් ගෙදරට කතා කරලා.ගෙදර උන් එලියට ඇවිත් නැ මොකද ඒ දවස් වල කරන්ට් එක කපනවා.කස්ටියට මතක ඇතිනේ. ඉතින් කොග්ලිය ගෙදරට පැනල මුළු ගේම කුඩු කරලා
මේක කරලා තියෙන හොදම වැඩේ තමයි ගේම දීලා එලියට එන ගමන් ගේ ඉස්සරහ නවත්තල තිබුන බයික් එකේ පෙට්‍රල් ටැංකිය ඇරලා එකේ තිබුන පෙට්‍රල් ටික ඔක්කම උරලා බයික් එකත් කුඩු කරලා.(ඔය පෙට්‍රල් ඉරුවහම මත්වෙනවලුනේ)
වැඩේ ඔහොම උනානේ.. හපුවෙනිද උදේ පාන්දරම අපේ උන් එක එකා පොලිසියේ මහත්තරු ඇවිත් එයාලගේ ගෙදර වාහනේ දාගෙන එක්කන් ගියා.හරියට කන්න බොන්න දීල දරු කමට හදා ගන්න වගේ.එත් ඉතින් කොග්ලිව එක්කන් යන එකනම් මේ මහත්තරුන්ට ටිකක් අමාරු උනා.ඉතින් එයාල අපේ කස්ටියට හොදට සකල තිබුනා.අන්තිමට අපේ කොල්ලෝ සෙට් එක නිසා කොග්ලිය ඒ කස්සටිය ලගට ම ගිහින් බාර වුනා.පස්සේ ඉතින් කොග්ලිය ගරු සරු ඇතිව එලියට ආවා .
මේක කරලා තියෙන හොදම වැඩේ තමයි ගේම දීලා එලියට එන ගමන් ගේ ඉස්සරහ නවත්තල තිබුන බයික් එකේ පෙට්‍රල් ටැංකිය ඇරලා එකේ තිබුන පෙට්‍රල් ටික ඔක්කම උරලා බයික් එකත් කුඩු කරලා.(ඔය පෙට්‍රල් ඉරුවහම මත්වෙනවලුනේ)
වැඩේ ඔහොම උනානේ.. හපුවෙනිද උදේ පාන්දරම අපේ උන් එක එකා පොලිසියේ මහත්තරු ඇවිත් එයාලගේ ගෙදර වාහනේ දාගෙන එක්කන් ගියා.හරියට කන්න බොන්න දීල දරු කමට හදා ගන්න වගේ.එත් ඉතින් කොග්ලිව එක්කන් යන එකනම් මේ මහත්තරුන්ට ටිකක් අමාරු උනා.ඉතින් එයාල අපේ කස්ටියට හොදට සකල තිබුනා.අන්තිමට අපේ කොල්ලෝ සෙට් එක නිසා කොග්ලිය ඒ කස්සටිය ලගට ම ගිහින් බාර වුනා.පස්සේ ඉතින් කොග්ලිය ගරු සරු ඇතිව එලියට ආවා .
කට්ටියටම තේරෙනවා ඇතිනේ
කොග්ලිය මේ දේවල් වලට පැටලුනේ උගේ වාසියට වත් උගේ ඇගේ පතේ හයිය පෙන්නන්න
වත් නෙමෙයි යාලුවෝ නිසා.උගේ අවංක කමට.උගේ ඉතින් තව තව කෙස් තිබුන වාහන
උස්සල කැලි විකුණන ඒවා වගේ දේවල් මොකද කොල්ල මේ වෙද්දී කුඩු ගහනවා.හැබැයි
ගමේ කාටවත් කරදරයක් නැ ගමේ කෙල්ලෙකුටවත් කට කැඩෙන වචනයක් වත් කියන්නෙත්
නැහැ කාටවත් කියන්න දෙන්නෙත් නැහැ.
මුගේ හොමදම දේ තමයි කාත් එක්ක මරා ගත්තත් උගේ හිතේ කිසිම තරහක් නැ.
එක දවසක් කොග්ලි මාමා කෙනෙක් එක්ක වලියක් දාගෙන.උගේ මාමාත් 6 යේ 4රේ පොර කොග්ලියත් එහෙම තමයි.මුන්දෙන්න මරා ගන්න තෝරාගෙන තියෙන්නේ මාරු තැනක් කනත්ත ලග මුන් දෙන්න පටන් ගත්තේ ගඩොල් බාග වලින් පස්සේ පස්සේ කළු ගලුත් හුව මාරු වෙන්න පටන් ගන්ත්තා.පැයක් විතර මේ සෙල්ලම ගියා.ඉතින් මේක බලන් ඉන්න බැරි අපේ උන් යන්න ගියා මොකද දෙන්නම සෙකන්ඩ් වෙන්න කැමති උන් නෙමේ සාමාන්නය එකෙකුට මුන්දෙන්නව අල්ල ගන්නත් බෑ .ටික වෙලාවක් යද්දී මුන් දෙන්න එකට බදාගෙන ගුටි කෙලගන්නවා මාමා කව්ද පුතා කව්ද කියලා අදුරන්න බෑ දෙන්නම රතුපාටයි. ඊට පස්සේ තමයි අපේ ඇවිත් දෙන්නව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ.
එක දවසක් කොග්ලි මාමා කෙනෙක් එක්ක වලියක් දාගෙන.උගේ මාමාත් 6 යේ 4රේ පොර කොග්ලියත් එහෙම තමයි.මුන්දෙන්න මරා ගන්න තෝරාගෙන තියෙන්නේ මාරු තැනක් කනත්ත ලග මුන් දෙන්න පටන් ගත්තේ ගඩොල් බාග වලින් පස්සේ පස්සේ කළු ගලුත් හුව මාරු වෙන්න පටන් ගන්ත්තා.පැයක් විතර මේ සෙල්ලම ගියා.ඉතින් මේක බලන් ඉන්න බැරි අපේ උන් යන්න ගියා මොකද දෙන්නම සෙකන්ඩ් වෙන්න කැමති උන් නෙමේ සාමාන්නය එකෙකුට මුන්දෙන්නව අල්ල ගන්නත් බෑ .ටික වෙලාවක් යද්දී මුන් දෙන්න එකට බදාගෙන ගුටි කෙලගන්නවා මාමා කව්ද පුතා කව්ද කියලා අදුරන්න බෑ දෙන්නම රතුපාටයි. ඊට පස්සේ තමයි අපේ ඇවිත් දෙන්නව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ.
තව දවසක් අපේ ගේ ඉස්සරහින් දඩ දඩ ගාල එකෙකුට ගහන සද්දයක් ඇහිලා අපේ කට්ටියම එලියට බැහැල බැලුව එත් කව්රුත් පේන්න නැ.කෙදිරිගාන සද්දයකුත් ඇහෙනවා.හොදට විපරන් කරලා බලද්දී ඉස්සරහ ගෙදරින් සද්දේ ඇහෙන්නේ.අපිට පෙන්නේ නැහැ මොකද ලොකු තාප්පයක් ගහල තියෙන හින්ද.ටික වෙලාවකින් එකෙක් තාප්පෙන් පැනල දිව්වා.කළුවර නිසා අදුරගන්න බැරි උණා.
පැයකට විතර පස්සේ අපේ ගෙවල් පල්ලහ ඉන්න උන් ගාමිණි ගාමිණි කියා කියා දුවනවා.බලද්දී කොග්ලිය ගාමිණීට ගහල ඉස්පිරිතාලෙට ගෙනිහින් දාල.මු ගෙදරට ඇවිත් පණිවිඩෙත් කියල.''ගාමිණි ලෙස්සල වැටිලා ඔලුව පැලිලා ඉස්පිරිතාලෙට ගෙනිච්ච ''කියල.මු අමර පොර කියන්නේ උදේ ගාමිනිව බලන්න කෑමත් අරන් ඉස්පිරිතාලෙටත් යනවා.
ඔහොම කාලයක් යද්දී අපිට ආරංචි උනා කොග්ලියගේ ගෙදරට අල්ලපු ගේ හොරු කඩලා කියල.ඉතින් කව්රුත් එක පාරටම සැක කරන්නේ වෙන කව්රුවත් නෙමේ කොග්ලියව.පොලිසියත් ඇවිත් වටේ උන්ගෙන් කටඋත්තර අරගත්තා.කොහොම හරි පොලිසිටත් සැක හිතුනේ මේකව.ඔන්න ඔතන ඉදල තමයි කොග්ලියගේ ජීවිතේට වෙනස් වෙන්න පටන් ගත්තේ
මේ සිද්දියට පොලිසියෙන් කොග්ලියව හැම තැනම හොයන්න පටන් ගත්ත.දැන් කොග්ලිය හොයන්නේ කව්ද පොලිසියට කට උත්තර දුන්නේ කියල.මුට ආරංචි උනවිදිහට ඒ ගේ ඉස්සරහ ඉන්න සුමනදාස කියන මාමා තමයි වැඩේ කරලා තියෙන්නේ කියලා.පොරත් ඒ කාලේ අවරුදු 50ක විතර වයසක පොර.මිනිහත් ඒ කොල්ල කාලේ චන්ඩියලු.කොග්ලිය මේක හිතේ තියන් ඉදල මේ මාමාව දවසක් උදේ පාන්දරම අල්ලාගෙන 6.30ට විතර.මේ මාම වැඩට යන ගමන් ඉදල තියෙන්නේ.
එදා උදේ පාන්දර අපිට ඇහුනේ මහා බෙරිහන් දීමක් මගේ ජීවිතේට අහපු ලොකුම බෙරිහන් දීම.ඒ මරණ බියෙන් බෙරිහන්දෙන හඩ.අපිත් දුවල ගිහින් බැලුව බලද්දී අනේ මේ නරුමය අර අන්කල්ගේ අත උස්සල ඉන පැත්තට කොටලා.පාර පුරාම ලේ පිරිලා.
මු ඒ අස්සේ අන්කල්ගේ දුවලගේ ගෙදරට ගිහින් පනිවිඩෙත් කියල ''අන්න උබලගේ තාත්ත කනත්ත ලග කොටලා දාල ඉන්නව.මැරෙන්න කලින් ඉස්ස්පිරිතලේට ගෙනියපන්'' කියල.එදා ඉතින් ගමේ ලොකු මළගෙයක් වගේ.
ටික කාලයක් යද්දී අන්කල් හොදවෙලා ගෙදර ආව.කොග්ලියත් ඇප පිට නිදහස් උනා.පස්සේ ඉතින් අන්කලුත් නිකන් හිටියේ නැහැ.කොග්ලියව මරන්න පාතාලේ කොල්ලෝ දෙන්නෙකුට බාර දුන්නා. උන්ගේ ප්‍රදීප්, රොෂාන්.කියල දෙන්නෙක්ට.
උන්ගෙන් වැඩියෙන්ම දුක් වින්න්දේ අපේ කොල්ලෝ සෙට් එක.මේ වෙන කොට අපේ උන් කනත්ත ඉස්සරහ තිබුන පෑලියගොඩ පිරිවෙනේ හාමුදුරු නමකට අයිති ඉඩමක සෙල්ලම් කරන්න පටන් ගත්තා.උන් අපි සෙල්ලම් කරන වත්තේ තමයි උන්ගේ බයික් වැඩ දාන්නේ.අපේ උන් සෙල්ලම් කරන වත්තේ උන්ගේ බයික් යන්නේ හයිවේ එකේ යනවා වගේ.අපි මේ ගැන ඒ ගෙදර අයට කිව්වත් වැඩක් නැ මුන් අහන්නෙම නෑ.පස්සේ උන් යන පාර කොට දාල හරස් කළා උන් ඒ කොට උඩිනුත් යනවා.
දවසක් කොග්ලිය මේක බලන් හිටය අපේ උන් සෙල්ලම් කරන එකත් නැවැත්තුව.පස්සේ කොග්ලිය ඇවිත් කිව්වා ''උබල සෙල්ලම් කරපන් ඉතුරු හරිය මම බලා ගන්නම් ''.කියල කොග්ලිය ගිහින් කොටන් ටික අයින් කරලා එතනට වෙලා හිටගෙන හිටියා.අනේ පව් අර පාතාලේ ලොක්කන්ට අර කොටන් වලට වඩා කොග්ලිය ලොකු උනා.කොග්ලිය ඉන්න වෙලාවට උන් ඒ අහලකින්වත් ගියේ නෑ.
ඔවුන්ගේ මේ ගමන් බිමන්වල පරමාර්ථය වෙලා තිබුනේ කොග්ලිගේ යන එන ගමන් බිමන් යන එන තැන් ආශ්‍රය කරන පුද්ගලන් සහ ඔහුට පහර දියහැකි හොදම අවාස්තාව ගැන විස්තර හොයන එක.ඔවුන්ගේ මේ හැසිරීම් රටාව සහ ගමේ සිටින සැවොම දන සියා.කොග්ලිත් දැන සිටියා ඒ නිසා ඔහුත් එම අවස්ථාවට මුහුණ දෙන්න නිරන්තරයෙන් සුදානමින් සිටියා.
1998 අගෝස්තු 8ට වැනිදා උදෑසන කොග්ලි ගෙදර එන අතර තුරදී ප්‍රදීප් සහ රොෂාන් දෙදෙනාව ඔහුට හම්බෙලා.
''උබල මව මරන්නනේ ඉන්නේ..මම අද විතරයි ඉන්නේ කරන දෙයක් අදම කරපන් මම හෙට රට යනවා''
කියල කොග්ලි උන් දෙන්නට කන රත්වෙන්න දෙකක් දීල.ගෙදර ඇවිත්.ඔහුගේ යාලුවන්ව හම්බෙන්න පාර පැත්තට ගිහින්.පැයකට විතර පස්සේ උන් දෙන්න මෝටර් බයික් එකකින් නොසිතු විදියට මතුවෙලා.ඒ වෙනකොට කොග්ලි ඉදල තියෙන්නේ යහළුවෙකු පුංචි ළමයෙකුත් වඩාගෙන.හිත්පිත් නැති මෙම සාහසිකගේ අවි ක්‍රියාත්මක වුයේ ඒ සිගිත්තා කොග්ලිගේ අතේ සිටියදීමය..එහෙත් එම දරුවාට කිසිදු හානියක් නොවන්නට කොග්ලි වග බලා ගත්හ.වෙඩි පහර වැදුනද වේගයේන් දිවගොස් දැරුවද පසෙකින් තබා අතුරු පාරක් දිගේ ඔහු දිවගියේ ඔහුගේ මාමා කෙනෙකුගේ නිවසකටය.ඔහු පසුපස ලුහුබැදී සාහසිකයින් එම නිවසට කඩා වැදී සිය අවිහි තිබු පතුරන් සියල්ලම කොග්ලිගේ හිසෙහි කිදා බස්වීය.
Thursday, May 8, 2014
හදවතින් ලියපු සෙනෙහෙ ලිපිය....
2006/11/16
ඉතින් බබා ඔය හොදින් නේද?මමත් හොදින් ඉන්නවා.සතුටින්.මොකද ඉතින් මගේම කියල හිතන් හිටපු කෙනාට දැන් මාව එපා වෙලා.මම කරන වැඩ ගැන සැකයි.මොනවා කරන්නද ලැබීම නම්.හැමදේකින්ම දුක විතරයි.මට කලින් ඔයාම නේද වෙනස් වුනේ.ඔයා නෙමේද මම එපා කියන දේවල් කර කර මාව රිද්දුවේ.ඔයා කරපු දේවල් නිසා,ඔයා හැසිරුණු විදිහ නිසා මමත් ඒ විදිහට හැඩ ගැහුනා බබා.ඔයා මාව රිදවන්න ආස නම් තවත් රිදවන්න මම ඉවසගෙන ඉන්නම්.කවදාවත් මට ඔයාට වෛරකරන්න බෑ.එහෙම කරන්නෙත් නෑ.මොකද මගේ ප්‍රතිපත්තියක් තමයි මන් ආදරේ කරන අය මට මොනවා කලත් ඒ අයට මන් වෛර නොකරන එක.එක මන් පිළිපදිනවා.බබා දැන් ඔයාට ද මාව එපාවෙලා තියෙන්නේ?ඔයාට මාව එපා වෙලා හින්දද මේ දේවල් නවත්තන එවා ගැන වැඩි වැඩියෙන් කියවන්නේ.ඔයාට දැන් ඕනේ මේක නවත්තන්න ඈත්තටම ඔයා දැන් ඉස්සර හිටපු බබා නෙමේ රත්තරං.දැන් ඔයාට මොකද වෙලාතියෙන්නේ?ඔයාට කරන්න කියපුවත් දැන් ඔයා කරන්නේ නැ.ඔයාට දුක හිතුනම මට කියන්න ඕනේ නැද්ද?ඒ හින්දා නේද ලියල තියෙන්නේ ඒ දේවල් දුකට ලියවිච්ච කියලා.මට ඕනේ සතුට වගේම දුකත් බෙදාගන්න කෙනෙක්.නැතුව දුක හිර කරන ඉන්න කෙනෙක් නෙමේ.
බබා ඔයාට මම call නොකළේ එදා ඔයාට call කරද්දී ඔයා වැඩ හින්දා කතා කලේ නැති නිසා.නැතුව වෙන දෙයක් නිසා නෙමේ.එත් ඔයාට හිතෙන දෙයක් හිතාගන්න.මොකද දැන් ඔයා මම කියන දේ අහන්නෙවත් ඉස්සර හිටපු මගේ බබාවත් නෙමේ නිසා.එත් මගේ ආදරේ ගැන ඔයාට විස්වාසයක් නත්තනේ ගැන තීරණයක් ගන්න මම ඔයාට බාර කරනවා.ඒ ගැන මට කියන්න හොදද.
බබා ඉරිදට මම පන්ති 4.00 ට ඉවර වෙන්නේ.මම දන්නේ නැ ඔය ඉරිදට කෝස් එකට යනවද කියලා.හැබැයි බබා මට කිවේ නම් නෑ යනවා කියලා.හැබැයි මම හිතන්නේ බබා.යන්නේ නැ කියලා.ඒ හින්දා ඔයා 4.00 ට එන්න හොදද.
දැනට ඇති.මේකට උත්තරයක් එවන්න මගේ බබා පරිස්සමින්,සතුටින් ඉන්න.හැමදාම කන්න ඕනි.මගේ රත්තරන්ට මම හැමදාම ආදරෙයි.මගේ බබාට බුදු සරණයි.
patiya
බබා ඔයාට මම call නොකළේ එදා ඔයාට call කරද්දී ඔයා වැඩ හින්දා කතා කලේ නැති නිසා.නැතුව වෙන දෙයක් නිසා නෙමේ.එත් ඔයාට හිතෙන දෙයක් හිතාගන්න.මොකද දැන් ඔයා මම කියන දේ අහන්නෙවත් ඉස්සර හිටපු මගේ බබාවත් නෙමේ නිසා.එත් මගේ ආදරේ ගැන ඔයාට විස්වාසයක් නත්තනේ ගැන තීරණයක් ගන්න මම ඔයාට බාර කරනවා.ඒ ගැන මට කියන්න හොදද.
බබා ඉරිදට මම පන්ති 4.00 ට ඉවර වෙන්නේ.මම දන්නේ නැ ඔය ඉරිදට කෝස් එකට යනවද කියලා.හැබැයි බබා මට කිවේ නම් නෑ යනවා කියලා.හැබැයි මම හිතන්නේ බබා.යන්නේ නැ කියලා.ඒ හින්දා ඔයා 4.00 ට එන්න හොදද.
දැනට ඇති.මේකට උත්තරයක් එවන්න මගේ බබා පරිස්සමින්,සතුටින් ඉන්න.හැමදාම කන්න ඕනි.මගේ රත්තරන්ට මම හැමදාම ආදරෙයි.මගේ බබාට බුදු සරණයි.
patiya
warning : ඇත්තටම මේක 2006 වර්ෂයේ ආදරනීය පෙම්වතියක් විසින් ආදරනීය පෙම්වතෙකුට ලිය වුන පෙම් හසුනක්.මේ වගේ ආදරනීය වදන් සමස් එකකින් ඔබේ හදවතට දැනිල තියෙනවද?තමන් ආදරේ කරන පෙම්වතා,පෙම්වතියගේ ම අත්අකුරින් ලිය වුන මේ වගේ ආදරනීය වදන්වලට ගලක් වැනි හදවතක් වුනත් මෘදු මොලොක් වීමට ඉඩ ඇත..
Wednesday, May 7, 2014
අහවල් එක විතරක් යාන්තමින් වහගන්න.
ලංකාවේ අපේ පුරුද්ද ඉතින් කගේ හරි ඔප දුපයක් හොයන එක තමයි.හොයන්න දෙයක් නැත්තන් අහල පහල ඉන්න එකාගේ ඇදුමේ තියෙන ඇදයක් හරි හොයනවා.ඉතින් පිට්ටුවටත් හිතුන ගෑනුන්ගේ ඇදුමක් ගැන ටිකක් හොයල බලන්න.
සල්ලි දීල ඇදුම මැහුවේ ඇදගෙන යන්න
අල්ලි දෙකක්වත් දුර බැහැ අඩිය තියන්න
ඇගට හිරට මහල කොටට ඇදල බලන්න
අදින්න මිනි ගව්ම අදින්න
මේ ඇදුම අපේ කෙල්ලෝ ඇන්දට මොකද එකට ලොකුම බාදාව වෙන්නේ මැස්සන්ගෙන් සහ කොදුරුවන්ගෙන්.උන්ගෙන් ආරක්ෂා වෙන්නනේ ඔය ඇදුම අදින අපේ නංගිලාගේ අතේ නිතරම පොතක් හෑන්ඩ් බෑග් එකක් එහෙම තියෙන්නේ.
ඔය ඇදුම් විසේසය හදුන්වන්න පුළුවන් mini කියන වචනෙන් මොකද ඕක ඒ තරන් පොඩියිනේ එකනේ ඔය සින්දුව කිව්ව ඇන්ටන් ජෝන්ස් මහත්තයත් මිනි ගව්ම කියල වරද්දන් මිනි පෙට්ටියක් ගෙදර ගෙනිහින් තියෙන්නේ.ඉතින් ඔය සායවල් අතර අහවල් එක විතරක් යාන්තමින් වැහෙන සායකුත් තියෙනවා කියලයි ආරංචි උනේ.එකට කියන්නේ මයික්‍රෝස්කර්ට් හෙවත් මයික්‍රෝ සාය කියල.මේ මයික්‍රෝස්කර්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ ලන්ඩන්වල චෙල්සි ප්‍රදේශයේ ප්‍රසිද්ධ නිමි ඇදුම් වෙළද සැලක හිමි කාරනියක් වන මේරි ක්වෙන්ට් කියන කාන්තාවක්.1950 ගණන්වල තමයි මේ කොට සායවල් විසේසය හදුන්ව දීල තියෙන්නේ. ඒ කාලේදී මේ කොට සායවල් ඇදල තියෙන්නේ ක්‍රිඩිකාවන් සහ නැටුම් සිල්පිනියන් පමණයි.
ලන්ඩනය කියන්නේ යුරෝපා රටක් උනත් එකල මෙම ඇදුම් ඇදීම මහත් ආන්දෝලාත්මක දෙයක් බවට පත්වෙලා තියෙනවා.අන්නයන්ගේ විවේචනයට බය නැති කාන්තාවන් පමණක් මුලදී මේ සීන් එකට එන්ටර් වෙලා තියෙනවා.ඉන් පස්සේ ඉතින් රැල්ලට කස්ටිය සෙට් වෙන්න ඇති නැත්තන් මෙචර ඕක දියුණුවෙන්න විදිහක් නැනේ.කොහොම උනත් ඔය මයික්‍රෝ සායට නම ලැබිල තියෙන්නේ මේරි ක්වෙන්ට් කියන කාන්තාවට තිබුන මිනි මෝටර් රථයට ගරු කිරීමක් විදියට මොකද මෙයා මේ රථයට හුගාක් අසා කරලා තියෙනවා.ඒ නිසා තමයි මේ ඇදුමට මිනි සාය කියල නම දන්නා තීන්දු තිරනවෙලා තියෙන්නේ.
ලන්ඩනයෙන් පිටත මිනි සාය ජනප්‍රිය වෙන්න පටන් අරන් තියෙන්නෙ 1960 ගණන්වල.මිනි සාය ලොවපුරා ජනප්‍රිය වෙන්න පටන් අරන් තියෙන්නේ 1965 න් පසුව.කොහොම උනත් මේ මිනි සාය ලංකාවේ ජනප්‍රිය වෙන්න පටන් අරන් තියෙන්නෙ කාලයක් ගත උනාට පස්සේ.ඒ කියන්නේ හැටේ දසකයේ අග බාගයේ දී විතර.මොකද දැන් තරඟ ඒ කාලේ සන්නිවේදන තාක්සනය එහෙම දියුණු නැති වෙලා නොතිබුන නිසා.
ඒකාලයේ ලංකාවේ වැඩියෙන්ම බාවිතා වෙලා තියෙන්නේ රෙද්ද හැට්ටය සහ කිමෝනා කියන ගවුම.එක දෙපතුල දක්වාම දිග ගවුමක්.කොහොම උනත් ඒ ගවුමත් පසු කාලීනව ටිකෙන් ටික කොටවෙල තියෙනවා ඒ කොට උනත් ඊට යටින් දිග සයක් අදින්න අපේ ආච්චිලා වගබලාගෙන තියෙනවා මොකද ඒ කාලේ විලි ලැජ්ජාව කියන එක ගෑනු ළමයින්ගේ හොදට තිබුණ කාලයක්ලුනේ.අනිත් කාරණාව තමයි ඒ කාලයේ විවාහක කාන්තාවන්ට ගවුම අදින එක ඇකැප දෙයක්.ඒ ය අදින්න ඕන සාරිය නැත්තන් රෙද්ද හැට්ටේ.
කෙසේ වෙතත් ඒ කාලයේ මුලින්ම ඔය මිනි සාය ඇදල තියෙන්නේ අපේ නිලියන්.එකත් මුලින්ම ඇදල තියෙන්නේ සන්ද්‍යා කුමාරි මොකද එයට ඒකාලයේ ලස්සන හැඩ අගපසගක් තිබුනලු ඉන් පස්සේ තමයි අනිත් නිලියනුත් එක අදින්න පටන් අරන් තියෙන්නේ.ඉතින් නිලියන් ඔය විලි සංගයක් නැතිව ඕව ඇදල රුප පෙට්ටියේ දාන නැටුම් දැක්කහම ගමේ ගොඩේ ඉන්න කෙල්ලන්ටත් පොඩ්ඩක් කිචිය වගේ දෙයක් දැනෙන්න පටන් අරන් උන්ටත් ඕක ඈගේ දාගන්න ඕන උනාලු.ඔහොම කොට්ට උරේ වගේ සායක් ඇදගෙන පාරේ ඇවිදන් යන,බස් එකේ යන කෙල්ලන්ට අපේ කොල්ලෝ කුරුට්ටෝ සමච්චලේට විහිළු කරන්න පටන් අරන්.ඒ ගැන ඔයාල දන්නවනේ ඔය සීය තාත්තලාගෙන් දන්නේ නැති ය අහගන්නකෝ.
කෙසේ වෙතත් ඒ කාලයේ මුලින්ම ඔය මිනි සාය ඇදල තියෙන්නේ අපේ නිලියන්.එකත් මුලින්ම ඇදල තියෙන්නේ සන්ද්‍යා කුමාරි මොකද එයට ඒකාලයේ ලස්සන හැඩ අගපසගක් තිබුනලු ඉන් පස්සේ තමයි අනිත් නිලියනුත් එක අදින්න පටන් අරන් තියෙන්නේ.ඉතින් නිලියන් ඔය විලි සංගයක් නැතිව ඕව ඇදල රුප පෙට්ටියේ දාන නැටුම් දැක්කහම ගමේ ගොඩේ ඉන්න කෙල්ලන්ටත් පොඩ්ඩක් කිචිය වගේ දෙයක් දැනෙන්න පටන් අරන් උන්ටත් ඕක ඈගේ දාගන්න ඕන උනාලු.ඔහොම කොට්ට උරේ වගේ සායක් ඇදගෙන පාරේ ඇවිදන් යන,බස් එකේ යන කෙල්ලන්ට අපේ කොල්ලෝ කුරුට්ටෝ සමච්චලේට විහිළු කරන්න පටන් අරන්.ඒ ගැන ඔයාල දන්නවනේ ඔය සීය තාත්තලාගෙන් දන්නේ නැති ය අහගන්නකෝ.
Wednesday, April 9, 2014
හොදට බොන්න පුලුවන් ද?
මගේ මොලේ තව හැදෙන්න
මට මොනවා හරි කරන්න.
අපේ වැට කොනකින් කඩාගත්
තඩි පොල්ලකින් ගහන්න.
මට හැකිය හොදට කන්න
කම්මැලිය වැඩ කරන්න
ගොරව ගොරව මට හැක
දවල්ටත් නිදා ගන්න.
මට ඕනේ හොදට බොන්න
සිව් පයින් ගෙදර යන්න
වැඩිවී ගියෝතින්
හැක කානුවෙත් නිදා ගන්න.
මට මොනවා හරි කරන්න.
අපේ වැට කොනකින් කඩාගත්
තඩි පොල්ලකින් ගහන්න.
මට හැකිය හොදට කන්න
කම්මැලිය වැඩ කරන්න
ගොරව ගොරව මට හැක
දවල්ටත් නිදා ගන්න.
මට ඕනේ හොදට බොන්න
සිව් පයින් ගෙදර යන්න
වැඩිවී ගියෝතින්
හැක කානුවෙත් නිදා ගන්න.
Saturday, April 5, 2014
කුඩු කාරයා
මතට තිත තබන්න නීති අවශ්‍ය නැත...
අද සමාජයේ විසබීජයක් වෙලා තියෙන හෙරොයින්,මත් කුඩු,ගංජා ගැන ටිකක කතා කරන්න ඕනේ කියල පිට්ටුවට අදහසක් ආව මොකද කව්රුත් කතා කරන්නේ මේකේ තියෙන වැරදි පැත්ත.මේ ලෝකේ තියෙන හැම දෙකම දෙපැත්තක් තියෙනවාකියලා පිට්ටුවට හිතුන නිසා.පිට්ටුව මේ කියන්න හදන්නේ කුඩු ගංජා ගහන එක හරි දෙයක් කියල නෙමේ.මේ දේවල් බාවිතා කරන අයගෙන් අපේ ජීවිතේට ගන්න වටිනා ආදර්ශ ටිකක් තියෙනවා .පිට්ටුවටත් ඉන්නවා මේදේවල් පාවිච්චි කරන යාලුවෝ දෙන්නෙක් උන් පිට්ටුවගේ ස්කොලේ කාලේ ඉදලම ගජ යාලුවෝ.උන් දෙන්න ඒ කලේ ඉදලම හෙව්වේ ආතල් එක විතරයි.ඒ කලේ ඉදලම සිගරට්,ගංජා,මෝදක, වගේ රටේ නැති මගුල් මුන් දෙන්න ගහනවා.පිට්ටුවගේ පිට් පොරවල් නිසා පිට්ටුව හැම වෙලාවේම මුන් දෙන්නට බනිනවා ඔය මගුල් නවත්තල දාපන් කියල.මොනවා උනත් බනින හැම වෙලාවකම මුන් මට කියන්නේ ඔව් පිට්ටුව මේ හැම දෙයක්ම හෙට ඉදන් නවත්තනවා,අනිද්දා ඉදල නවත්තනවා,පළවෙනිදා ඉදන් නවත්තනවා කියල එත් ඉතින් මුන්ට ඒවා නවත්ත ගන්න බැරි උනා.
මොනවා කලත් මුන් දෙන්න ඉතින් ඉගෙන ගන්නත් දක්ෂයි.ටීචර්ලාටත් මුන් දෙන්නගේ වැඩ ටික ටික නොන්ඩි වෙන්න පටන්ගත්ත ටික කාලයක් යද්දී.එයාලත් මුන්ට දේශනා තියනවා ඉවරයක් නැ ඉතින්.කාලයත් ටිකෙන් ටික ගෙවිලා ගියා පාසල් කාලෙත් ඉවර උනා මගේ යාලුවෝ දෙන්නත් ටික ටික දියුණුවෙන්න පටන් ගත්ත.
එකෙක් වාහන හදනවා පට්ට වැඩ්ඩා.අනිත් එකා මේසන් බාස් කෙනෙක් උනා තාත්තගෙන් උරුම වෙච්ච දේනේ.මේ රස්සාවල් දෙකම මුන් දෙන්නට අව්ලක් නැ .සල්ලි හොයන්න පුළුවන් ජොබ් නේ.හොදට සල්ලි හෙව්වා.
මේ මගුල් වෙන කොට තමයි මගේ එක යාලුවෙක් අපේ පන්තියේ හිටිය කෙල්ලෙක්ව උස්සන් ගියේ.උස්සන් ගිය කීවට උන් දෙන්නගේ පල හිලව්වක් තිබුණ ස්කොලේ ඉන්න කලේ ඉදලම හැබැයි එත කොට ස්කොලේ එහෙම ගිහින් ඉවරයි .අනිත් එකත් ඔය ටෙක් එකකදී සෙට් වෙච්ච කෙල්ලෙක්ව කසාද බැන්ඳ.දැන් දෙන්නම තාත්තලා වෙලා.මුන් දෙන්න ඒ පැත්තෙන් එහෙම දියුණු වෙනකොට අනිත් පැත්තත් හොදට දියුණු වෙලා.
කාලයක් යද්දී කුඩ්ඩො සෙට් එකක් එක්ක සෙට් වෙලා ඩබල ගජ රාමෙට වැඩේට එන්ටර්.මුන් හම්බ කරන පඩිය මදි දෙන්න ට වැඩේට.ගෙදර ගෑනු ඉතින් දුක්විදිනවා,කොල්ලෝ දෙන්න හැබැයි හරිම උත්සහ වන්තයි වැඩ කරන්න ගියහම යක්කු වගේ උදේ ඉදන් හවස් වෙන කල් වැඩ එක පිම්මටව් හැබැයි හවස්වෙද්දී පිස්සු වගේ දුවනව.පැකට් එක ගන්න ඕනේ නිසා.
මේ අටමගල් පැත්තක දාලා උන්ගේ ගත යුත්ත ගැන අපි කතා කරමු.මේ අය මොන දේ කලත් කාගේවත් ගැන හිතන්නේ නෑ උන් හිතන්නේ තමන්ගේ සතුට ගැන විතරයි.උන්ට ඕන දේ උන් කොහෙන් හරි හොයා ගන්නවා.ඉතින් උන් කරන දේ ගැන උන් තෘප්තිමත්.මොන දේ ලැබුනත් නොලැබුනත් උන්ට වැඩක් නෑ.උන්ට අවශ්‍ය දේ ලැබෙනවා නම් ඒ ඇති.උන්ට පොධි ගහන්න සල්ලි අවශ්‍ය නැහැ ලොකුවට අනාගතයක් ගැන හිතන්න අවශ්‍ය නැහැ උන්ගේ එකම අවශ්‍යතාවය හවසට මත් වීම පමණයි.ඉතින් මේ උත්සාහය වෙන වැදගත් දෙකට යොමු කළා නම් උන් අද හොද සල්ලි කාරයෝ.උන්ගේ උත්සාහයේ ප්‍රතිපලය හැටියට අද උන්ට වෙලා තියෙන්නේ හිරෙ යන්න.
ග.යු
අද අපි හුගක් අයට වෙලා තියෙන්නේ තමන් කරන දේ ගැන තෘප්තිමත් වීමට නොහැකි වීම මොනවා කලත් හරියන්නේ නෑ මොනවා කලත් වැඩක් නෑ හැම දාම එකම තැන.කරන කරන හැම වැඩක්ම වරදිනවා මේ වගේ ප්‍රශ්න.අපි හැම දෙයක් ගැනම ලොකුවට බලාපොරොත්තු තියාගන්න ඕනේ නෑ තමන් කරන වැඩේ හරියට කරන්න ඒ වෙනුවෙන් තම ජීවිතයම කැප කරන්න හිරේ යනවා වෙනුවට රජගෙට යන්න එවිට ඔබට හැකි වේවි .....
මත් කුඩු නිසා මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් දැනගන්න මේ පින්තූර ටිකත් ඔයාලට වැදගත් පණිවිඩයක් දෙයි කියල මම හිතනවා.
කුඩු කාරයා 2
සත්තය කතාව ලගදීම.......
Friday, April 4, 2014
ඇය නොදන්නා මගේ ආදරේ
අද තනියෙන් මා

ඇය එනතුරු මිනිතුවක් බලන් හිටිය...
මට ඒ මිනිත්තුව දැනුනේ පැයක් හා සමානව
මට ඒ මිනිත්තුව දැනුනේ පැයක් හා සමානව
ඇය එනතුරු මිනිත්තු දහයක් බලන් හිටිය ....
මට දැනුනේ පැය දෙකක් හා සමානව
ඇය එනතුරු මිනිත්තු 30 ක් බලන් හිටිය.....
මට දැනුනේ වරුවක් බලන් හිටිය වගේ
මට දැනුනේ පැය දෙකක් හා සමානව
ඇය එනතුරු මිනිත්තු 30 ක් බලන් හිටිය.....
මට දැනුනේ වරුවක් බලන් හිටිය වගේ
ඇය එනතු පැයක් බලන් හිටිය....
මට දැනුනේ දවසක් බලන් හිටිය වගේ
ඇය එනතුරු දවසක් බලන් හිටිය....
මට දැනුනේ සතියක් බලන් හිටිය වගේ
ඇය එනතුරු සතියක් බලන් හිටිය...
මට දැනුනේ මාසයක් බලන් හිටිය වගේ
ඇය එනතුරු මාසයක් බලන් හිටිය...
මට දැනුනේ අව්රුදු ගානක් බලන් හිටිය වගේ
මට දැනුනේ මාසයක් බලන් හිටිය වගේ
ඇය එනතුරු මාසයක් බලන් හිටිය...
මට දැනුනේ අව්රුදු ගානක් බලන් හිටිය වගේ
මට කොහොම දැනුනත් ඇය මාව බලන්න ආව
කාලයක් යද්දී මට සිද්ද උනේ
ඇය එනතුරු අවරුදු 2 ක් බලන් හිටිය...
මට දැනුනේ දවස් 2 ක් වගේ
මට දැනුනේ දවස් 2 ක් වගේ
ඇය එනතුරු අවරුදු 4 ක් බලන් හිටිය...
මට දැනුනේ දවස් 4 ක් වගේ
ඇය එනතුරු අවරුදු 10 ක් බලන් හිටිය...
මට දැනුනේ දවස් 10 ක් වගේ
ඇත්තටම දැන් ඇය.......
දැන් මම
දැන් මට මං ගැනම දුක හිතෙනවා
Subscribe to:
Posts (Atom)

























