Saturday, March 8, 2014

ෂාම්

                                 

 මෙන්න මේක පට්ටම සිරා සීන් එකක්.ඒ කියන්නෙ ඈත්ත කතාවක්.


අපේ ගෙවල් ලග ඉන්නව ශාම්  කියල අංකල් කෙනෙක්. මේ බුවාට ඉන්නවා දුවලා දෙන්නෙකුයි  එක පුතෙකුයි.

පිට්ටුවට ආරංචි උන විදිහට මේ ශාම්ගෙ එක කෙල්ලෙක් පෑනල ගිහින්.

ශාම්ගේ කෙල්ලො දෙන්නා තමයි වැඩිමහල්.කොල්ලා කෙල්ලන්ට වඩා බාලයි බඩපිස්සා.ඉතින් මුන් සෙට් එකම ස්කෝලේ ගිහින් එහෙම ඉවරයි.උන් සෙට් එක ජොබ් කරන වයස. ඉතින් ෂාම්ගෙ කෙල්ලො දෙන්න නම් ජොබ් එකක් සෙට් වෙලා එකට ගියලු.මේ අතරෙ ශාම්ගේ දෙවෙනි කෙල්ලට සෙට් උනලු ජොබ කරන තෑනම කොල්ලෙක්.

ඒක ඉතින් සාමනයෙන් වෙන දෙයක්නේ බන් ඔකේ මහ ලොකු හු.......වක් නෑනේ බන්.....!!!!

ෂාම් කියන්නේ ඉතින් කනබොන මිනිහ හැබැයි ඉතින් කාටවත් කරදරයක් හිරිහැරයක් නම් නෑ.ඉතින් ගමේ කොල්ලෝ සෙට් එකත් ජෝයින්ට් එකක් ගහන්න බෝතලයක් එහෙම ගහන්න ඒන්නේ ශාමලාගේ ගෙදරට තමයි.හැබැයි එකෙක්වත් කෙල්ලන්ටවත්  අහල පහල උන්ටවත්  කරදරයක් කරන්නේ නෑ.

ඉතිං මේ නංගිය කොල්ලගේ ගෙදර ගිහින් නැවතිලා ඉන්න ගමන් අක්කට(ෂාමගේ ලොකු කෙල්ල) කෝල් එකක් දීල කිව්වලු මං ගැන හොයන්න එපා මම මේ අයියත් එක්ක එයාලගේ ගෙදර ආව කියල.මල මගුලයිනේ ඉතින් ඕක දැන් කොහොමද මේ කෙල්ල මේ හුට පටේ ගෙදට්ට කියන්නේ...??? මොකද අම්ම පට්ට වසයි.කොහොම හරි  කල් යල් බලල අම්මට ඕක කිව්වා කියමුකෝ ශාමානේ ඉතින් අව්ල.මොකද ෂාම තනිකර කෙලින්නේ පිස්සුනේ බිව්වට පස්සේ.කොහොමින් කොහොමින් හරි කෙල්ල අම්මටත් කියල දැන් මේක ෂාමට  ආරංචි උනාලු ෂාම ලොකු කෙල්ලට කතා කරලා කිව්වලු
 'නංගි ඔය ගියා කියන එකාට කියපන් අද දවස ඇතුලත නංගිව ගෙනත් ඇරලවන්න කියල.නැත්තන් මන් කව්ද කියල බලාගන්න කියපන්'

අනේ ඉතින් මේ කෙල්ල ඉතින් කෝල් එකක් දීල කිව්වලු මොකද ෂාම් කියන්නේ සුවර් නැති ඩයල් එකනේ මොන පිස්සුවක් කෙල්යිද කියල දන්නේ නෑනේ.ෂාම් මේක ආරංචි වෙච්ච වෙලාවේ ඉදල ගහනවලු කොල්ලෝ සෙට් එකත් එක්ක හුරේ කියල ගහනවා.කොල්ලන්ටත් ඉතින් වෙඩිමකට ගියා වගේ.
දැන් ඉතින් ශාමට පන දෙන්න කට්ටිය පිරිලා.දන්නවනේ අපේ අයියලාගේ හැටි සිංහයා බඩට දාගත්තට පස්සේ මොන යකාටවත් බය නෑනේ.මුන්ටික ෂාමව පට්ටෙට පෝම් කරනවා.ශාමත් ඉතින් බැනල බැනල රෑ  ජාමෙට නිදා ගත්තා.

ෂාම ඉතින් පහුවෙනිදා උදේම පටන් ගත්තා වැඩ අල්ලන්න.ඒ කරලා සරමකුත් ගහගෙන පාරට බස්සා.ඔහොම පාර දිගේ යද්දී අපේ නිමෙස් කොල්ල ඉස්සරහට මුලිච්චි උනාලු.නිමෙස් කියන්නේ ඉතින් අපේ ගමේ FM එක.ඉතින් උටත් මේ සීන් එක කිව්වලු.කියල FM එකගෙන් ෆෝන් එක ඉලුවලු.FM එකත් ඉතින් මේකාගේ හැටි දන්න නිසා ෆෝන් එක දෙන්න බෑ  කිව්වලු.ෂාමගේ වදේ නිසාම නොදී බැරි උනාලු.

කොල්ලෝ මෙන්න මේ නොම්බරේට කෝල් එකක් අරන් දීපන් මට...

කෝල් එකක් අරන් දෙන්නම් හැබැයි මට කෙස් එකක් දන්නා නම් එපා හරිද.

හරි...හරි...බන් ඕක දියනං  මෙහාට.

හා කියන්න නොම්බරේ


ශාම් පෝන් එකත් කනේ ගහගෙන මෙන්න මෙහෙම කිව්වලු.....

අහ් කෝ කෙල්ල
  
ඉන්නවා අංකල්..

උබට මං දවසක් කල් දුන්නනේ උබ කෙල්ලව ගෙනවෙ නැනේ ...අද දවස ඇතුලත කෙල්ලව ගෙනත් දීපන් හරිද...?උබ කෙල්ලව  ගෙනත් දුන්නේ නැත්තන් මං උබේ අම්මව ගේනවා.








No comments:

Post a Comment

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.