Tuesday, March 11, 2014

චූන් පාන් අලුත් ජිනස් වාර්තාවක් තැබීමට සැරසෙයි......




උදේ පාන්දරම නැගිටලා වැඩට යන්න ස්කොලේ යන්න කලබලෙන්දගලන අයට ඉතාමත් වටිනා සේවාවක් සලසන අපේ චූන් පාන් රථය ගැන ටිකක් කතා කොලොත් හොදි කියල පිට්ටුවට හිතුන ඔං..ඒ වෙන මුකුත් නිසා නෙවේ ලගදීම ජිනස් වාර්තාවක් පිහිටුවන්න ඉන්න අපේ රටේ දක්ෂයෝ ගැන අපි අපි දැනුවත් වෙලා ඉන්න ඕනනේ....


ඔයාලගේ පැත්තෙත් යනවා ඇතිනේ චූන් පාන් අපේ ගෙවල් පැත්තේ නම් එකක් නෙමේ හැටක් විතර යන ඉතින්.අපේ පැත්තට චූන් පාන් එන්නේ පාන්දර 4 ට 5 ට විතර.අපරාදේ කියන්න බැහැ උදේ 9 විතර වෙනකල් චූන් පාන් මේ පැත්තේ එනවා.ඒ එන්නෙත් පට්ට සද්දේ දාගෙන තමයි ඉතින්...පිට්ටුවටත් ඉතින් ඔය පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් කන්න ඕනේ උනහම සද්දේ ඇහෙන පැත්තට දුවගෙන යනවා.අපරාදේ කියන්න බැහැ පිට්ටුව එලියට බහින කොට වටේ පිටේ ඉන්න ගෑනු ටිකත් එලි බැහැල තියෙන්නේ රෑට ඇදන් හිටපු ඇදුම් පිටින්මයි.මෙව්වට බයේද මන්දනේ න චූන් පාන් කරය පොට්ටවෙන්න පාගල යනවා.උව අල්ලගන්න ඉතින් යන්න වෙන්නේ 1000cc ට්‍රැපික් බයික් එකක් අරගෙන තමයි ඉතින්.


කොහොම උනත් පාන් කන්න වෙන්නේ ඇහැරුන ගමන්ම පාරට බැහැල ඉන්න උන්ට විතරයි


'උදේට මියුසික් දැමුවාට චූන් පාන් තිදෙනෙකුට දඩ ගහලා.' කියල gossip lankawe කතාවකුත් තිබුන.ඔය දඩ කන්න වෙලා තියෙන්නේ එව්වගේ සද්දේ වැඩියි කියලනේ.ඇත්ත තමයි සද්දේ විතරක් නෙවෙයි වේගේත් ටිකක්යි.මොකද ඔය සද්දේ දාගෙන යනව නම් අපිටත් එයටත් වැඩක් තියෙන්න ඕනනේ ඉතින්...




මේ කස්ටිය යන විදිහට පාන් කන්න හිටිය අපිට කන්න වෙන්නේ දත් මිටි තමයි.....



2 comments:

  1. තෝ නැගිටින වෙලාවට දත් මිටි හරි තිබුනොත් හොදයි.

    ReplyDelete
  2. පල...පල....උබ උදෙන්ම නැගිටිනවද?උබ නැගිටින්නේ දවල්ට කන වෙලාවටනේ.උබ චූන් පාන් වැන් එකක් දැකල තියෙනවද?

    ReplyDelete

පිට්ටුවාට සපෝට් එකක් විදියට කොමෙන්ටුවක් කොටලම යමු. ගල් මුල් උනත් කමක් නෑ.